First and last chapter

1.5K 153 150
                                    

(Warning : Plus story එකක් කියපුවාම ඉතිම් වෙනමම කියන් ඕන් නෑ නි... කැමති අය කියවන්න අකමැති අය මුල ඉදලම නොකියවා ඉන්න.. ඒක දෙගොල්ලොන්ටම හොදයි
කලින් එකෙත් අහලා තිබ්බා ඔයා මේවා කරලා තියනවද කියලා... කරන්න ඕනිම නෑ මන් හිතන්නෙ ලියන්න... 😏 මන් හිතන් නෑ මේවා ලියන හැමෝම කරලත් ඇති කියලා මම ආස නෑ එක එක අයගේ කතා අහන්න පීස් ඒක නිසා කියවන් නැතුව ඉන්න අකමැති අය 🙂👉🏻👈🏻)

අදත් පිට්ටනියට ආපු ගමන් හිත හෙව්වේ ඒ රූපය....

+ උබ හෙව්වට වැඩක් නෑ...අද එයා නෑ...

අහ් කවුද මොනාද... මම කවුරුත් හෙව්වෙ නෑ...

+ අනේ උබ මේ මට නේ බොරු කරන්නේ...ඒකි අද කලින් ගියා මම දැක්කා...

ඉතිම් මට මොකද.....
මම යනවා ඇදුම් මාරු කරන් එන්න කෝච් එන්න පරක්කු වෙයි නේ...

මම ඉක්මනට දුවගෙන ගියේ ඇස් වල පිරුනු කදුලු කම්බුල් දිගේ ගලන ගමන් හුලගට ඒ කදුලු කම්බුල්වලම යට පත් වෙද්දි...

එයා ඇයි අද කලින් ගියේ.....
ගෙදරින් බැනුම් අහ අහ මම හවසට ඔයා දිහා දුරින් බලන් ඉන්න හැමදාම උත්සහා කරනවා...
ඔයා ඒක දන්නවා නම් ඔහොම කලින් නොයන්න තිබ්බා....
සතියක් පුරාවට හවස නෙට්බෝල් ප්‍රැක්ටිස් වලට නොයා ඉන්න මොකක් හරි හේතුවක් ඇති කියලා දැනුනත් මට අහන්න තරම් ශක්තියක් තිබුනේ නෑ... ඔය නිල් පාට ඇස් ඉස්සරහ මම ගොලුයි...

මම බෑග් එක ගන්න ක්ලාස් රූම් එකට යනකොට දැක්කේ එයා හැමදාම යාලුවෝ එක්ක කයියක් ගහන ඇහැල ගහ ගාව බංකුව....

ඊට එහයින් තියන 10 වසරේ අපි ඉන්න පන්තිය...
එයා 11 වසරේ අපේ හෝල් එකේම පහල තමා ඒ පන්තියත් තිබ්බේ...
ඒ සිමෙන්ති බැම්මට හේත්තු වෙලා ඔය කතා කරන හිනා වෙන තොල් දිහා මන් කොච්චර වෙලා බලන් ඉදලා ඇතිද...
ඒ හුලගට හෙලවෙන සිනිදු කොන්ඩේ මට එක සැරයක් වත් අවුස්සන්න තිබ්බා නම්...

යාලුවෝත් මට කොච්චර නම් විහිලු කරලා ඇතිද එයා දිහා බලන් ඉන්නවා කියලා ඒත් දැන්නම් ඒ බැනුම් අඩු වෙලා...

ඒත් මම ඒ හැමවෙලාවෙදිම කරේ මගේ හිත සතුටු කරපු එක... ඒකට වෙන කාගෙවත් වචන මට සතපහකටවත් වැඩක් උනේ නෑ....

You've reached the end of published parts.

⏰ Last updated: Jun 19, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

I Lov_e Y_ou |Gl🔞|Oneshot|♡Where stories live. Discover now