08

849 106 34
                                    

"මට මිහිදුම් ඇවිල්ලා කිව්වා පුතා. හරි එහෙනම් අර ටීම් එක එක්ක මම වැඩ ටික බලාගන්නම්" 

මම ඉස්කෝලෙ ඇරිලා කන්නංගර සර් ට කතා කරල එන්න ගියේ. හෙට හජ්ජි නිවාඩුව නිසා හෙට තමා ප්‍රිෆෙක්ට් කෑම්ප් එක තියෙන්නේ.කිව්වත් වගේ අපිට උදේම නුවර කෑම්ප් එකට එන්න කිව්වා.

"හිදු අයියා කෝ" 

 හවස මොනවත් ප්‍රැක්ටිස් තිබුනේ නැති නිසා හතරට ඉස්කෝලෙ ඇරුනම යන්න පුළුවන් වුණා. මම එනකොට හතර හමාර පහු වෙලා. සිසී ස්කූල් බස් එක මිස් කරල පාරෙ බස් එකේ යන්න ඉදලා. අනේ මොන අජූත ආසවක් ද. දැනුත් සෙනඟ අප්ප බස් වල ඔෆිස් ටයිම් එක නේ.

"එයා ශෙහාන් එක්ක නුවර ගියා. අපිට හෙට දවසම නුවර කෑම්ප් එකේ නේ.ඒකෙ ශෙහානයට වැඩක් තිබිලා හිදුවා එක්ක ගියා"

"මම යනව දැක්කේ නෑ නේ. මම ගේට් එක ළඟ හිටියේ ඉස්කෝලේ ඇරුණ වෙලාවෙ ඉදල"

"ආ..එහෙනම් ඉස්කෝලෙද දන් නෑ තව."

පාරෙ සෙනඟ නෑ.මේ පාරෙ ඉතින් අපෙ ඉස්කෝලෙ විතරනේ. පාරෙ එක පැත්තක කැලෑව අනිත් පැත්තෙ ඉඩක් තිය තිය හදපු පිහිබියා ගස්.ආදි සිස්සයෝ ලු හැදුවේ. ඉර බැහැ ගෙන යන්නේ පිහිබියා ගස් පැත්තෙ නිසා ඒ ගස් අස්සෙන් රත්තරන් පාට ඉර එළිය බේරිලා එනවා. මට ඔයාගෙ අතින් අල්ලගන්න තිබ්බ නම් සිසියෝ.

" අනේ අහන්නකො අද මාරම වැඩක් වුණා නේ.අපෙ පන්තියේ ඉන්නවා පිරිමි ළමයෙක් හසරැල් කියලා.අද එයාගෙ පූසා බෑග් එකේ .ඇති මැරුනේ නැතුව. එයා දන්නෙත් නෑ .පූසා කියන්නේ පැටියෙක් අනේ.සුදුම සුදුයි.අපි එයාව ලොකර් එකකට දැම්ම මැඩම් ල එනකොට.ඒකේ පිටිපස්සේ හිල් නිසා හුස්ම ගන්න අවුලක් නෑ නේ"   සිසී මගෙ වටේ කැරකි කැරකි කිව්වා.

"අරන් ගියාද ආව විදිහටම"

"ඔව්ව්..එයා ට පූසව දැක්කම කෑ ගැහුනා. ඒත් ඌ නිදාගෙනම හිටිය නිසා මැරිලද කියලත් බැලුවා.මම උදේ පීරියඩ් දෙකක් බලාගත්ත. අද ලිට් මැඩම් ආවේ නෑ. ඉස්කෝලේ ආවා. මොන්ටිසෝරියෙන් කෝල් කරල කියලා බබා ට හෙම්බිරිස්සාව වැඩි කියලා මැඩම් ගිහින්."

"අපි දෙක වසරෙදි ගතික පූසෙක් අරන් ආවා නදිව් ට දෙන්න. එයා ශොපින් එකක දාගෙන අරන් ඇවිත් හිටියේ."

EVENING PRIMROSE | COMPLETEWhere stories live. Discover now