14

592 90 30
                                    

"අ..අ.."

"නිදාගන්න .. මහන්සි අද"

වෙන මොකුත් නැතුව හිදුවා එහෙම එකක් කිව්ව ගමන් මම අනිත් පැත්ත හැරිලා සීට් එක ඔලුවෙ ඉදන්ම පොරව ගත්තා. එයා ඇස් ඇරපු විදිහට මගෙ පපුව තවම ගැහෙනවා.මොකද්ද අප්පා..

චිල්ඩ්‍රන්ස් ඩේ එකට සෙනසුරාද රෑ අපියි සිසීලයි ඩින අවුට් එකකට ගියා.හිදුවා කිසිම වෙනසක් නැතුව හිටියත් මම හිටියෙ මේ ලෝකෙ නෙවේ.ක්ලාස් එකේ අපෙ මැදට ශෙහාන් ඉන්න එකත් මට එපා වුණා. හිදුවට මට එහා පැත්තේ වාඩි වෙන්න බැරිද..වෙනදට එහෙම හිතුනේ නැති වුණාට අද එහෙම හිතුනා. ඉන්ටවල් එකෙන් පස්සෙත් ශෙහාන් අපි දෙන්නගෙ මැදින් වාඩි වෙලා හිදුවා එක්ක කියව කියව හිටියා. තව කවකට්ටක් අරගෙන මොකද්දෝ චිත්‍රයකුත් අන්දා . මට තරහ ගියා. කොහෙවත් ඉන්න එකා ලොකුද අහන්න හිතුණ හිදුවගෙන්.ආයෙ මාත් එක්ක කතා කරේ බස් එකේ දී.තරහ තිබ්බත් මම හිදුවා කතා කරපු ගමන් ම කතා කරා. ක්ලාස් ගිහින් ඇවිත් එහෙමම ආයෙ ඩින අවුට් එකට ගිහින් ගෙදර ආවත් මම ලෙඩ වෙලා වගේ. නිලූ නැන්දත් ඇහුව අසනීපයක්ද කියල. මම ටිකක් මහන්සි කිව්වම එහෙනම් කලින් යන් කියල අපි සේරම කලින් ගෙදර ආවා.

" හිදුවා.."

"අසනීපයක්ද..ඔයා මැලවිලා වගේ.. " ඔක්කොම තමන්ගෙ කාමර වලට ගියාම අපිත් ඇවිත් දොර වහගත්තා.

"දන් නෑ.."

"මොකද වුනේ.."

"....." මට එයාට කියන්න වත් මට වෙලා තියෙන දේ තේරෙන්නේ නෑ. මට දුවන්න හිතුණා..

"මට කියන්න බැරි දෙයක් ද"

"....."

"චෙනෙත්.."

"මට කියන්න තේරෙන්නේ නෑ.."

"වචනයක් හරි කියන්න. මම ඉතුරු ටික හදාගන්නම්"

"ඕනෙ නෑ.. මට ඔයා එක්ක ඉන්න ඕනේ ද කොහෙදෝ..ක්ලාස් එකෙදි ආයෙ මම මැදට එනවා."

මම ඒක කියාගෙන ඇඳට නැග්ගම හිදුවා මේසෙට ගියා. මොනවත් කිව්වේ නෑ. එදා එයා කිස් එකක් දුන්නේ නිකන් සහෝදරකමට කියල හිත රවට්ටගත්තද මන්ද මම..ඒත් ඊයෙ එයාගෙ ඇස් වලින් කිව්ව කතා. මම මවාගත්ත ඒව වුණත් ඒවා මොනවමහරි කතාවක් කිව්වා.

EVENING PRIMROSE | COMPLETEWhere stories live. Discover now