16

588 96 16
                                    

ප්‍රයිස් ගිවින් උණුහුම ඉස්කෝලේ ම රත් කරන් ඉන්නේ.. ගුරුවරුන් ට ප්‍රයිස් ලිස්ට් එක හදන එක හෙන අමාරු වැඩක්.තරඟකාරීත්වය උපරිමේටම තියෙන හින්දා සතුටු මූණු වගේම මොහොතකින් දෙකකින් සහතිකය මිස් වුණ දුක් මූණු විතරමයි මේ ටිකේම පේන්නේ..එක් කෙනෙක් වත් අනේ කමක් නෑ කියලා නම් කියන්නෙ නෑ..තමන්ට තියෙන ප්‍රයිස් ගාන වැඩිවෙන තරමට ආඩම්බරකම වැඩී නේ..

අන්තිම ලිස්ට් එකේදි මට Best O/L results , section brilliant , all rounders , prize for science , prize for music කියන ටිකට තේරිලා හිටියා. හිදුවටත් best O/L results, all rounders කියන දෙක එකතු වෙලා හයකට තේරුනා.ප්‍රයිස් ගිවින් එක හෙට කියලා හිදුවටයි අකිතයාටයි උණ හැදුනා. නැති වුණොත් පුදුමයි සේරම අය හිටියේ උණ නැතුව උණ වගේ.මම අද  උදේ ඉස්කෝලෙ ගිහින් වැඩ ටික බලලා ශෙහාන් එක්ක ආයෙ ගෙදර ආවෙ නාලාම ඉවෙන්ට් එකට යන්න.කොටින්ම මේ සතියෙම මම නාලා නෑ..වෙලාවක් තිබුනේ නැහැ.හිදුව හඩ්ඩා නේ උණත් එක්ක අද ඉස්කෝලේ ගියෙත් නෑ..

"මේක හරි නේද.. ඉස්කෝලේ දි බැලුවා නේ "

" ඔව්.. බැලුවා.. කොපීස් දෙකක් වත් ගන්න. "

දැන් ඉතුරු  ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොට ඉස්කෝලේ අතීතය එක්ක ප්‍රසන්ටේශන් එකක් දාන එක භාරදෙන්න. ඒක හදාගන්නත් වුනේ අන්තිම මොහොතේ. මොක නැතත් කොච්චර කරත් මදි නිසා  ඕක හදල නෑ  කියල උදේ බැනුම් කෝටියක් අහගන්නත් වුණා. 

"හරි මම එකක් ඊමේල් එකට දැම්මා  කන්නංගර සර් ට"  

"හා හා..මම නාගෙන එන්නම්" 

හිදුවා ප්‍රසන්ටේශන් එකට ඔට්ටු වෙන වෙලාවෙ ශෙහාන් ආව ගමන් නිදාගත්තා. සේරම කට්ටිය ලෑස්ති වුණාම බ්ලේසර් දෙක දෙක අරගෙන අම්මලා එක්කම ඉස්කෝලෙට ගියා. බ්ලේසර් දෙක කියන්නේ ප්‍රයිස් ගන්න දාන්න ඕනේ කලු එකක්, හෙඩ් බෝඩ් එකේ ඒව තද අලු නේ..කලු එකේ බැජ් ගහන්න ඕනේ, අලු එකේ මහපු බැජ් එක එක්ක හවුස් බැජ් එක විතරයි දෙන්නේ. හැමෝම දන්නවා මේක දාන්නේ හෙඩ් බෝඩ් එක කියලා.

කලින් හැම සැරේකම ප්‍රයිස් ගිවින් වල වාඩි වෙලා  ඉදලා  එපා  වුණා අද නම් හිටගෙන ඉදල එපා වුණා. මොන තරම් සේරම හරි කිව්වත් ඒ වෙලාවෙ කරන්න වැඩ කෝටියක් ඉතුරු වෙලා තියෙනවා. ඒ මදිවට කට්ටිය එක්ක ෆොටෝ බූත්  එකේ ෆොටෝ වලට ඉන්නත් වුණා. වාඩි වෙලා හිටපු අම්මවයි අප්පච්චිවයි එක්කන් ඇවිත් එයාලත් එක්කත් ගත්තා.ආයෙ මේ බ්ලේසර් එක නෑ නේ. 

EVENING PRIMROSE | COMPLETEWhere stories live. Discover now