26

564 80 14
                                    

හිදුවගේ රස්නෙට ඇබ්බැහිවෙලා මං .. .. සමහරවිට මම මුලදි හිතුවට එහෙම බෑ කියලා ගිනි කාශ්ටකේට හිදුවා සීතල උල්පතක්, හිරිගඩු පිපෙන සීතලට අයිස් කැටයක් වගේ. මට එයාගේ ළඟ හුරතල් වෙන්න ඕනේ නෑ ඒත් මගෙ සැබෑ ස්වරූපෙන් කිසිම හෙවිල්ලක් නැතුව ඉන්න පුලුවන් හිදුවා ඉන්න තැන විතරයි. එයා ළඟ නිදහස් ඕනෑවටත් වඩා.

"පල්ලෙහට යන්න බෑ අප්පා."

"උඩ ඉදලා බලන් ඉමු"

"මොට්ට සිමන් .මට මෙහෙම ඉන්න ඕනේ.කොහෙවත් යන්න බෑ."

"එහෙම බෑ නේ"

"ඇයි ඔච්චර බැහ් බැහ් ගාන්නේ. මට පුලුවන් නම් උඹට පුලුවන්.මම හෙඩ්"

"හෙඩ් ඉස්කෝටනේ මට නෙවේනේ"

"හහ් ? මොකක් මොකක්"

"එනවා යන්න..පැය කීයක් ද මේ අතුරුදහන් වෙලා ඉන්නේ" හිදුවා බදාගෙන ඉන්න මාවත් එක්කම දොර ළඟට ගිහින් දොර අරිනකොටම එහා පැත්තෙන් ශෙහාන් දොර ඇරියා.

"ඔහ්.."

"එන්න ඇතුළට" මම එහාට උනාම හිදුවා කිව්වා. ශෙහාන්ගේ මූණ කුනුවෙච්ච අලිපේරයක් වගේ.

"මොකෝ මේ.."

"මහන්සි ඕයි"

"අහ් ඒක මිසක්..අපිටත් මහන්සි."

"අනේ මේ..උඹ මෙතන පැය ගානක් කනමදයා වගේ නිදාගෙන මැහැන්සි ලබ්බ තමා."

"මහන්සි නිසා තමා ඕයි නිදාගත්තේ. උඹත් නිදාගනින් අපි එපා කිව්වැයි."

"නිදාගන්න තමා ආවෙ.ඕක වහගෙන යන මගුලක යනවා."

උත්තම වහන්සේට නිදාගන්න දීලා අපි ග්‍රවුන්ඩ් එකට ආවා. දැන් හතර හමාර වෙනකන් හින්දි සිංදු ඉං දාලා පාට පාට ළමයි ඒවා අස්සේ නට නට ඉන්නවා. මේ දවස් වලට නම් දැන් මැරුණත් කමක් නෑ කියලා තමා හැමෝම ඉන්නේ..හැමෝම කියන්නේ මං ඇර...මට මැරෙන්න බෑ.. හිදුවා එනව නම් මැරෙනවා.

" යන්ද ඇතුළට"

"ම්ම්..ආසයි වගේ. මනුත්ලා ඉන්නේ කොහෙද බලමු."

"ඇතුළට ගියොත් ස්කූල් බස් එකේ යන්න වෙනවා අද"

"එක්කො යන් බන්... තව එක අවුරුද්දයි නේ" මං හිදුවව සෙනඟට තල්ලු කරලා .මනුතයා හොයන්න දිව්වා. හිදුවා පාට බාගෙන ගාගෙන මගෙ පස්සෙන් දුවගෙන ආවා.

EVENING PRIMROSE | COMPLETEWhere stories live. Discover now