27

577 75 38
                                    

" හිතට හිතක් ..."

හිදුවගේ ෆෝන් එකේ එදා තිබුන නම්බර් එක රේඩියෝ චැනල් එකක්ද. මේ දැන් නිදාගෙන හීනෙන් අහගෙන ඉන්නෙත් ඒකේ පෝඩ්කාස්ට් එකක්.මම යිය ෆෝන්ස් හිදුවගෙන් අරගෙන මගෙ කන් වල ගහගත්තා. මොන රෙද්ද කරන්නත් කලින් 'ඇඩ් ' යනවනේ..මං අහන්නේ අපි මූඩ් ෆික්ස් කරගන්න කියලා ස්පෝටිෆයි හරි යූ ටියුබ් හරි ප්ලේලිස්ට් එකක් දාගත්තම මූඩ් එක පරලොව යනවා මැඩී සුප් කැටවලයි කොකා කෝල වලයි ඇඩ් යන්න ගියාම.ප්‍රිමියම් ගන්න බෑ නේ මොක වුණත් වෛද්‍ය නෝන මහත්තුරු හම ගහයි.

" පූජා... මිනිස්සුන්ගෙ ආදරය කරන්න ඕනේ රූපෙටද...

මෙහෙමයි ඉතින් ඕනෙම කෙනෙක් තමන්ට පුලුවන් උපරිම ලස්සනට ඉන්න ඕනෙ.මොකද තව කෙනෙක්ට ආදරය කරන්න කලින් තමන්ට ආදරය කරන්න ඕනෙ. අනික ඉතින් ඕනෙ කෙනෙක් රූපෙට ආදරේ කරන්නේ නෑ කිව්වට මුලින්ම දකින්නේ රූපේ නෙවේද.

...ම්ම්..ඒකත් ඇත්ත..ඒත් කෙනෙක් ඉන්නවා වචන වලට ආදරය කරන..එයා කවුද කියලා කියලා නෑ කියන්න එපාලු.එයා ආදරෙයි ලු අපෙ මිහින්ට...

..අනේ..එයාට මාත් ආදරෙයි ඒත් එයාට ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා මං හිතන්නේ

...ඔව් එයා කියලා තියෙනවා එයා ආදරේ කරන කෙනාව එයාට කෝම හරි ලැබෙන්න ඕනෙ කියලා.

මිහින්..

මං දන් නෑ මේක ඔයාගේ නමද කියලා.

මං ආදරෙයි කියන්න ආවේ.

ඔයාට....

ඔයාගේ ආදරේ ගන්න එයා හරි වාසනාවන්තයි අනේ.. ඉතින් මට ලෝභයි...

එදා ඔයා කිව්වම මං එයාට ආදරේ කරන හේතුව මම හිතුවා,ඒත් මට හම්බුනේ නෑ කියලා....

මට එයාට කෑගහලා කියන්න හිතුනා..

මලක් එයාට ආදරෙයි කියලා..

ඔයාගේ ප්‍රිම්රෝස් මල ඔයාට ආදරේ කරනවා මිහින් ..ඒක ශුවර්...


"ප්‍රිම්රෝස් මල ? ....නදිව්..."  

ඔය කියන ප්‍රිම්රෝස් මල මොනවගේද කියලා වත් මං දන්නේ නැති වුණාට මට ඒ නම කිව්ව එකම කෙනා නදිව්..ඒත් මෙහෙම එකකින් නදිව් ව මතු වෙනකොට අමුතු නැද්ද.උගෙ නමේ මිහින් කියලා එකක් මං දන්න තරමින් නෑ.අනික මේක නදිව්ගෙ ෆෝන් එක නෙවෙයි... මම ඒ කෙහෙම්මල අහන එක නතර කරා...මට නදිව්ගෙ කවි ඔන්නෑ.

EVENING PRIMROSE | COMPLETEWhere stories live. Discover now