28

558 81 30
                                    

" අම්මේ ...මේ කොල්ලෝ දෙන්න ගිය අවුරුද්දේ දැක්කට පස්සේ.කෝ ඉතින් අම්මලා ආව කියලා මේ කට්ටිය ආවැයි"

"ඒකනේ අත්තම්මා.. කෝ පුංචි"

"ඕ...මං මේ වතුර එකක් අරන් එන්න ගියා.කකුල් හෝදන්න"

"ආ ගේන්න ගේන්න"

"මෙයා නම් උස ගිහින් වගේ...මූට කන්න දෙන්නෑ නේ අම්මලා නේ"

පුංචි හිදුවා දිහා බලලා උස ගිහින් කිව්වම මම ඒකා දිහා බැලුවේ කොහෙද මුගෙ දික් වෙලා තියෙන්නෙ බලන්න. අපි එක උස.මම පොඩ්ඩයි කොට. මාතලේ කියන්නේ ඉතින් මං එච්චර එන්න ආස  ගෙවල් දෙකක් නෙවෙයි, මේ අත්ත්ම්මා ඉන්න ගෙදරට ම අල්ලපු වැටේ තමා පුංචි ඉන්නේ. ගෙයක් කිව්වට වලව්වක්.දැන් නම් වලව් නෙවේ.  අත්තම්මා චීත්තෙයි බ්ලවුස් එකයි ඇඳගෙන ඉන්නෙ...

"කෝ අම්මේ අප්පච්චි"

"ආං තේ වත්තට ගියා ඕන් .දැන් එයි "

"කොහොමද ආදායම ඉතින් දළු වල" අප්පච්චි පුංචිගෙන් අහන ගමන් ඉස්තෝප්පුවේ වාඩි වුණා.

"ඔය දැන් කිලෝවක් 105 කට වගේ යන්නේ අයියා"

එයාලා පල්හෑලි කියවනකන් අපි ගේ අස්සට ගියේ අත්තම්ම දොදොල් හදලා තියෙනවා කියලා ආරංචි වෙලා තිබුන නිසා. පුංචිගෙ දුවයි එයාගෙ මල්ලිත් වලව් කෑල්ලට ආවා.

"හලො පොඩි උන් ..කෝමැයි. මේ ඇට්ට උස ගිහින් නේ දැන්" මං කට වගේ ගාගෙන චොකලට් එකක් කන මල්ලිව උස්සලා ගත්තා. පොරට අවුරුදු එක හමාරයි, පුංචිගෙ දුවයි අපෙ නංගි එක වයසෙ.

"කෝ මට චොකලට්"

"ම්හුක්..."

"මාව මතක නැද්ද අනේ " කොල්ලා ඔලුව වැනුවා.

"...කවුද මං"

"චෙචෙකයිය"

"හෑව් බන් ඒකේ කැත. ඔයාට චොකලට් දුන්නේ කන්නද නාන්නද"

"නාන්න"

"එහෙනම් නාපන්.."

"එයාව මට ඕනේ" නංගි එයාව වඩා ගන්න ඕනෙ කිව්ව නිසා මං එයාට දීලා පුංචිගෙ දුව එක්ක දොදොල හොයන් ගියා. 

"කෝමැයි ඉතින් ජීවිතේ"

"මල් මල්...අර පොඩි එකා නැත්තම්"

EVENING PRIMROSE | COMPLETEWhere stories live. Discover now