29

569 73 46
                                    

"මාත් කැමති මගෙ ඇස් ඉස්සරහට මේ සර් එන්නේ නැත්තම්. " 

මං රක්ෂිතට කියලා නතර නොවී එතනින් ආවා.රාණි මැඩම් ඉන්නවා ස්ටාෆ් රූම් එකේ ,මම ඇතුළට ගියාම මැඩම් හිනා වෙලා ෆයිල් එකක් දුන්නා.

"බලන්න පුතා මේක හෙඩ් බෝඩ් එක ඔයාගෙ දැනුම් තේරුම් වලට අනුව මේගොල්ල කොහොමද බලන්න"

"හරි මැඩම්"

හෙඩ් ඉන්නේ අපෙ හවුස් කැප්ටන්. ම්ම් නරකම නෑ. ඉන්න  ටික ගිනිකසයො වගේ. අපෙන් පස්සෙ පරම්පරාව බාරදෙනවා වගේ හැඟීමක් ඇවිත් හිදුවව මතක් වෙලා ඒක බඩක් උස්සන් ඉන්නවා මැවිලා විලිරුදාව ඇවිත් ඉස්පිරිතාලේ එක්කන් යනවා මැවිලා ගියා. අනේ...අහිංසකයා. ආදරේ නිසා ඒ සේරම..

"මැඩම් ඉන්න අයගෙ වැරැද්දක් නෑ."

"එහෙනම් හොඳයි.මේව තෝරන එක ලේසි පාසු කාර් යක් නෙවෙයි නේ. තෝරලා තෝරලා ගන්න ඕනෙ.දැන් ඉතින් පෙන්ශන් යන්න  නේ යන්නේ කට්ටිය.ඔයාලව ඉල්ලනවා ළමයි.පොඩි උන් හරි ආසයි ලුනේ ඔයගොල්ලන්ට.."

"..ඒක තමා රාණි නංගි,එහෙම ආදරයක් ගන්න පින් කරන්න ඕනේ. ඒ ළමයි ඔයාලගෙ වැරැද්දක් වත් කියන්න දෙන්නෑ.එයාලා එහෙම නෑ මැඩම් කියලා ඔයාලගෙ පැත්ත ගන්නවා." එතනට ආව කොත්මලේ මැඩම් කියද්දි මං හිනා වුණා.

"යන්නම් මැඩම් මං එහෙනම්"

"හරි පුතා.දැන් ඉතින් පාඩම් වැඩ වලට උනන්දුව වැඩි කරන්න ඕනෙ කාලේ ම්ම්.." ඒකටත් හිනා වෙලාම්ං එළියට ආවා. සතුටුයි ඉතිම්, අම්මලාටත් සතුටු හිතෙයි ඇහුවොත්... මගෙ කොල්ලො ටිකට පැලෙන්න ආදරෙයි..

"ආ මල්ලිලා මොකෝ බන් මල් කඩන්න පන්තියක්ම.දැන් බෙල් එක ගහයි ඉක්මනට යන්න ග්‍රවුන්ඩ් එකට"

"මේ අයියේ දළඹුවෝ ඇවිත් අයින් කරල පොකුණට විසික් කරා. "

"අද පිරිත් කියයිද අයියා"

"අනේ අම්මපා බොලන්. දැන් ගිහින් පාණාතිපාතා කියනවකො ඈ..තව පිරිත් කියයිදත් අහනවා. "

නවය වසරේ වගේ කොල්ලො ටිකක් ප්‍රාණ ගාත කර කර බුදුන්ට තියන්න මල් කඩනවා. අපි ඔය කාලෙ නම් අයියලා ඉස්කෝලෙන් මල් කඩන්න දුන් නෑ.පස්සෙ ඉතින් අපිත් ඔය ගස් වලින් මල් කඩනකොට කට්ටිය කඩන්න ගත්තා. ඒ කොල්ලො ටිකට ටොක්ක ගානේ දීලා මං ප්‍රිෆෙක්ට් රූම් එකට ආවා. අද එසෙම්බ්ලි එක ටිකක් ලොකුයි.. 

EVENING PRIMROSE | COMPLETEUnde poveștirile trăiesc. Descoperă acum