30

609 79 50
                                    

" ප්‍රිම්රෝස් ? ඒක ඔයාගෙද."

 හිදුවා මොනවත් කිව්වේ නෑ.එයාව මට පේන්නේත් නෑ. මං හිටියේ එයාට එයාට තුරුල් වෙලා. එයා තමා මාවතුරුල් කරගත්තේ.

"....ඔයාට ඔයාගෙ ගෙදර යන්න ඕනේ කිව්වෙ මං හින්දද"

"ම්ම්...මං යන්න ඕනේ එහෙට ඒත්"

"මට ඔයා නැතුව මෙහෙ ඉන්න බෑ නේ"

"මටත් බෑ.ඒත් යන්න ඕනෙ ."

"ඔයාගෙ පැත්තෙන් ඔයා හරි ඉතින්.ඒත් අපේ පැත්තෙන්"

"අපෙ කියලා දෙයක් කියන්න බෑ නේ"හිදුවා තවම ඉන්නේ අවිනිශ්චිතව. ඒකට හේතුව මොකක් වුණත් මමත් ඉන්නේ අපෙ කියලා දෙයක් කියාගන්න බැරි අවිනිශ්චිත සිතුවිල්ලක.

"ඔයාට හිතෙනවද සිසී දවසක මට ඇවිත් ආදරෙයි කිව්වොත් මං යයි කියලා."

"නෑ...එහෙම කරන්නේ නෑ ඔයා" 

 මට කාලය නතර කරන්න තිබ්බ නම්.මේ රස්නේ ඇතුළේ හැමවෙලාවෙකම ඉන්න තිබ්බ නම්.මෙහෙම හරි ඉන්න අපෙ විභාගෙන් පස්සෙ අපිට බැරි වෙයි.

"මාත් එක්ක ඉන්න හැමදාම"

"ඉන්නවා මං" මං හිදුවට දිග හද්දක් දුන්නා. කම්බුල එබෙන්නම.එයාව කොට්ටෙටම චප්ප වෙන්න.

"ඔච්චර ළඟට එන්න එපා..."

"ඇයි බයද"

"එහෙම එකක් නෙවෙයි. ඈත් වෙන්න අමාරු වුණොත්..ඉස්සරහට මොන ගිනි ගෙඩි පාත් වෙයිද කියන්න බෑ නේ.. අම්මලා එහෙම කියන විදිහට මේ දේවල් තරුණ සිතුවිලි විතරක් නම් අපි වෙනස් වෙයි ඉස්සරහට."

"මොකුත් කියන්න එපා..මං ගන්න තීරණ වෙනස් වෙන්න පුලුවන්. ඒත් පොරොන්දු වෙනස් කරන්නෑ..හෙන ගහ ගහ වැස්සත් මං එනව.පුලුවන් නම් කුඩයක් අරගෙන මඟක් එන්න.මං බලකරන්නෑ.මං පොරොන්දු වෙනවා එනවමයි කියලා"

"ම්ම්..." මුල්ම වතාවට මට ආදරෙයි කියන්න හිතුනා. සහෝදරයෙක් වත් යාලුවෙක් වත් විදිහට නෙවෙයි ..පෙම්වතෙක් විදිහට.අපි එකම වයස වුණත් සමහර තැන් වලදි හිදුවගෙන් මට මට වඩා පරිණත කමක් පේනවා. හිදුවා  හිදුවා කියලා  කිව්වට එයාට ඒ නමට සාධාරණයක් කරන්නේ නෑ.එයා හුරතල් නෑ . 

EVENING PRIMROSE | COMPLETEWhere stories live. Discover now