47

487 59 45
                                    

මිහිදුම් යන්තන් හිතෙන්නේ මේක පළිගැනීමක් කියලා. සීයට පනහක් එහෙම හිතන්න පුලුවන්.අපි කෑම්ප් එකට යනකොට ශෙහාන් අල්ලපු මනුස්සයාව එදා මුතුරාජ් සර් මාව එල්ලුව කාමරේට දාලා අත් දෙකයි කකුල් දෙකයි බැදලා පුටුවක වාඩි කරවලා.

අපි ගියපු ගමන් ඒ කෙනා බලන්න ගියේ නෑ..ඇඳුම් මාරු කරලා කෑම්ප් එකේ කිට් එක ඇදෙගන ෆුල් රෙඩි පිට ගියේ. මේ මිනිහගෙ ඇඟේ රෙකෝඩ එකක් වුණත් තියෙන්න පුලුවන්.

"කොහෙන්ද පව එක ආවේ."

ඔලුව නවාගෙන හිටිය මනුස්සයේගේ නිකටෙන් අල්ලලා මම ඇහුවා... කොල්ලෙක්... මැදි විසි ගානක වගේ පොඩි එකෙක්.

"කියන්න අමාරුයි නේ කට වහලා නිසා... මෙයාගෙ කට ලිහින්න. "

 මං ළඟ හිටිය ශෙහාන් ට කිව්වම එයා ම බැන්ද එක වගේ ලේන්සුව ලිහලා දැම්මා. ඇස් දෙකත් එක්ක රතුයි කියන්නේ පොඩි කුඩ්ඩෙක් කියලත් හිතන්න පුලුවන්.. අනික හෙන ඇදිලා ගියපු ඇඟක්.

"කටුගස්තොට ගෙදරකට දුමක් යැව්ව  එකේ එක තැනක ඔයාගේ බයික් එක තියෙනවා. ඒක අද මහයියාවෙන් අහුවිච්ච එක නිස තමා ඔයා මෙතන ඉන්නේ. පුලුවන් ද අපිට යන්තන් පැහැදිලි කරන්න..මං හිතන්නේ මේ ඇඟ ගුටි බැට වලට එච්චර හුරුනෑ වගේ නේ..ම්ම්ම්ම්....."

ඒ කොල්ලගෙ කට බැදලා තිබ්බ ලේන්සුව මං මගෙ අත වටේ ගැටගගෙන කොල්ලගෙන් පොඩ්ඩක් ඈත් වුණා. 

"මල්ලි....

මේක අහපන්. අපි පොලිසියෙන් නෙවෙයි.අපි ආමි එකෙන්... අපි උඹව හිරේ දාන්නෑ. අපි මේ සීන් එකට බැස්සේ රෑ වෙලා ඔය කටුගස්තොට කේස් එකේදි අපෙ එකෙක් අහල පහල හිටිය නිසා දුකේදි පිහිට වෙන්න එ ගෙදරට ගිහින්.. එච්චරයි ..අපිට ඕක වැඩක් නෑ...හැබැයි අපිට එහෙම කරන්න හේතුව දැනගන්න ඕනේ..මොකද ඔය ගෙදරට ඔය කට්ටිය ආවේ අලුතෙන් ලු.. ඒ ගොල්ලො මේ වෛරක්කාරයෝ තියාගෙන ඉන්න උන් නෙවෙයි ලු..."

කොල්ලා මගෙ මූණ දිහා බැලුවා..පොඩි අමුතු ලුක් එකක් තියෙන්නෙ..බය වෙච්ච වගේම මැර නැති මූණකුත් වගේ.

"වැරදීමක් තමා.. ඒ ගෙදර දැන් ඉන්න කට්ටියට නෙවෙයි ඒක එන්න ඕනේ"

EVENING PRIMROSE | COMPLETEWo Geschichten leben. Entdecke jetzt