48

476 56 32
                                    

" මහත්තයා... කොහෙද අනේ..අහ් .. මේ... මුතුරාජ් සර් කෝල් කරා ඒයි.. අනේ අහනවකො ඉස්කෝලේ මොකක් හරි යටි කූට්ටු වැඩක් යනවා කියලා මේ සතියම ඉස්කෝලේ එන්න කිව්වා."

" සතියම.. යුනිෆෝම් ද "

"නෑ ප්‍රිෆෙක්ට් කිට් එකෙන් යමු නේ.. දැන් කොහොමත් යන්න වෙනවනේ ..ඉන්නකො දෑස් තියෙන්නේ ලබන....සිකුරාදා..ඔව් කොහොමත් යන එකේ යමු නේ.විශේෂ වැඩක් නෑ නේ කරන්න.. NIBM යන්න එන්නේ ලබන නෙවෙයි පස්සෙ ලබන සදුදා."

 "මොන මරාලද දන් නෑ ඒ පාර"

"මන්දා..නිකන් ඉන්න දෙන්නෙම නෑ නේ.. මටත් නෙස්කැෆේ එකක් හදලා"

මිහිදුම් මට බොරුවට රවලා  නෙස්කැෆේ එකක් හදන්න එහාපැත්ත හැරුනා..මම මේ නිදිමතේ මුතුරාජ් සර් ගේ කෝල් එක ආන්සර් කරලා හැරෙන තැපෑලෙන් මිහිදුම් හොයාගෙන ආවේ උදේ අටට විතර. එයා නූඩ්ල්ස් හදනවා..මම ඉතින් උදව්වට කියලා සින්ක් එකට දාලා තිබ්බ බාජන ටික හෝදලා දුන්නා.. 

ඊයේ රෑ මියුසික් මැඩම් කෝල් කරේ අපිට දෑස් ශෝ එකේ පෆෝම් කරන්න එන්න කියන්න. ඔන්න සිසී අඩාගෙන කෝල් එකක් ගයි.මොකද එයාට තව මාසයක් විතර ඕලෙවල් වලට මැඩම් කිව්ව විදිහට අයිටම්ස් තුනකට මේ කෙල්ල ඉන්නවලු..ඒ අස්සේ ජිම්නාස්ටික් අලුත් මීට් එකක් ඇවිත්ලු..අම්මා ටිකක් කේස් ඉතින් හැබැයි කෙල්ල ඔක්කොම බැලන්ස් කරගන්නවා..

"ස්තූතියි සහෝදරයා."

මිහිදුම් මග් එක අතටම දීලා මගෙ මූණ දිහා බලාගෙන හිටියා..මම අහක බලගත්තා.. අසරණ වුණාම උදව් කරන්නේ නැති උන් මොකටද නේ.අඩුම ඊයේ රෑ ' උදව්වක් ඕනෙද' කියලා නිකන්වත් ඇහුවේ නෑ..

"ඕක බීලා කාලම උඩට යමු..මම දවල්ට මොනවත් හැදුවේ නෑ. කැන්ටින් එකෙන් හරි කන්න පුලුවන්"

"හ්ම්.."

මිහිදුම් හෙන අමුතු විදිහට මගේ කම්බුලෙන් හාද්දක් තිබ්බා.මගෙ ඇසුත් එක්ක ලොකු වෙලා ගියා..ඒකරලා හෙන නුහුරු විදිහට මාව බදාගත්තා..ඒ කියන්නේ මගේ වම් අත එයාගේ ඇඟට හිරවෙන විදිහට..

"වට්ටලා මේක කඩලා මට බැනපන්කො ඈ"

"හා.."

මම නෙස්කැෆේ එක බොනකල්ම එයා එහෙමම හිටියා.. එයා පිරිත් දාලා..පහළ තට්ටුවට විතරක් ඇහෙන්න පිරිත් දාලා.

EVENING PRIMROSE | COMPLETEWhere stories live. Discover now