52

509 55 27
                                    

නත්තල් උණුහුම දෙකතුනක්ම යනකල් අපෙ වටේ තිබ්බා. යාලුවෝ එක්ක නයිටි  පොඩි සාද තිබ්බා, නුවර වටේ රෝන්දේ ගැහුවා, කුරුණෑගල පැත්තේ ගියා, බඩවල් කුණුවෙනකල් හම්බෙන හම්බෙන හැමදේම ගිල්ලා. නත්තල ආවත් හරි මිහිදුම්ටයි මටයි බත් කන්න අවස්ථාවක් ආවෙම නැද්ද මන්දා.. 

ඒවත් අස්සේ අපි ඒ දවස් ටිකේ මහයියාවේ රේස් පැද්දා.. නුවර ටවුන් එකේ ඕනෙ තරම් රේස් පදින කොල්ලො ගැන්සි ඇති,ඒත් අපිට ඒවට සම්බන්ධ වෙන්න බෑ නේ. මෙව්ව අපේම වත්කම් නෙවෙයි නේ.අනික ඉතින් අපිට කියන කියන මෝටර් ශෝස් වලට එහෙම යන්නත් බෑ. ඒ අතින් ගත්තම නීතියට පිටින් ජීවිතේ විදින එකත් මරු ,ඇනගන්නකල්..අන්න වැඩේ කියන්නේ අපෙ රිසාල්ට්ස් කවදා එයිද දන් නෑ..තවම ලිව්ව ඒව බලලා නෑ ලු කියන්නේ.. ඒක එනකල් කියල මිහිදුම් NIBM යන්න ගියා..ඒක වෙනම ලෙවල් එකක්.. සල්ලි නැතත් සල්ලිකාර සෙට් තමා ඉන්නේ. අපි ඉතින් පොඩි කෝස් එකකට නිසා මහා ලොකු පිළිගැනීමකුත් නෑ.

රේස් ගැන ආයෙම කිව්වොත් ශෙහාන් පට්ටම පට්ට..ඒකට ඉස්සරහට යන ස්පීඩ් එකෙන්ම පස්සටත් වාහනේ ගන්න පුලුවන්. මේ කියන්නේ කාර් වගේ ඒව ගැන නේ.එතකොට බයික් ගත්තොත් සුපිරියි. ඇස් පිල්ලම් ගහන පමාවෙන් වැඩ එක දෙක කරයි. මෙව්වා අම්මලා තාත්තලා දන්නවනම් බයික් ටික පංචිකාවත්තට දේවි.. අනිත් හොඳම රයිඩර් අකිත්  එයාටයි ශෙහාන් තරමට බැරි වුණාට ලොකු ස්පීඩ් එකක් බැලන්ස් කරගන්න පුලුවන්. මිහිදුම් මනුත් දෙන්නම ගත්තොත්  ඒ දෙන්නටම හොඳටම ගහගන්න පුලුවන්.. මගෙ ඇඟේ තියෙන නම්‍යශීලීත්වය නිසාමද මන්දා වෙඩි තියාගන්න එක හොඳට කරන්න පුලුවන් ඒවගේම පැනලා යන එකත්.ඔය විදිහට අපේ කෑම්ප් එකේ ඇල්ෆා ටීම් එක එක එක විදිහට ප'ෆෙක්ට් වුණා.

" කන විදලා කොණ්ඩෙ පාට කරපු .. ශලලලලාහ්..මාව සැලූන් එක්කන් යන්න බබා."

"දැන් කනත් විදිනවද.. කොණ්ඩෙ ගොඩ"  

මේ සීතල දෙසැම්බරයේ සිරසේ හැරී පෝටර් දාලා මිහිදුම් පාන්දරම නැගිටලා  ඒක බලනවා. බලලා නැති එකක්යෑ..මම ගිහින් පතාක ටීවි එක මැද හරස් වෙලා හිටගත්තා. මිහිදුම් එක අතකින් ඇඳල මාව එයා ලඟින් වාඩි කෙරෙව්වා.. 

EVENING PRIMROSE | COMPLETEWhere stories live. Discover now