(ප්‍රවේශමෙන්... )
________________________________
විනාඩියක්.. ඈත බුරන බල්ලෙක් සැරෙන් සැරේ යන වාහන ඇරුණම වෙන කිසිම සද්දයක් නැතුව විනාඩියක් තියෙන්න ඇති.ඇඳේ නුහුරට වාඩි වෙලා හිටිය මගේ ඉණ හරියට දෙපැත්තෙන් දණහිස් තියලා මිහිදුම් මගේ ඇඟ උඩට ආවා.මම හිතන්නේ මගෙ හදවත ගැහෙන්න ඕනේ සීමාව පන්නලා ගැහෙන්න ඇති.අවසාන වතාවට සීසර් පේපර් රොක් කියලා කියනකොටත් අපි දෙන්නම දැනගෙන හිටිය පරදින කෙනා මම කියලා.ඒක එහෙම වුණා..
හාදුවකින් පටන් ගැන්ම මුල්ම වතාවට මිහිදුම් මගෙ තොල් වලින් පිට පැන්නා..ඇස් කන් නිකට බෙල්ල.. කොලර් බෝන්ස්..උරහිස් නම් නොකියන එකම එක තැනක් වත් එයාට මගෑරුනේ නෑ. මගේ ඇස් සැරෙන් සැරේ ඇරෙනවා වැහෙනවා. වෙලාවක් යනකල්ම ෂ'ට් එක ඇතුලෙන්ම පොඩි එකෙක් වඩා ගන්න යනව වගේ අල්ලගෙන හිටිය මිහිදුම්ගේ අත් ටික ටික උඩට ආවා..මම එයාගේ කොණ්ඩෙ ගැලවිලා යන්න තරම් හයියෙන් අල්ලගෙන හිටියේ.. මට වෙන කරන්න මහලොකු දේකුත් නෑ නේ..එක තැනක මිහිදුම් නතර වෙලා මගේ මූණ දිහා බැලුවා..මොකුත් නැති නිහඬ බැල්මක්..ඒකෙන් එයා මගෙ ෂ'ට් එක ගලවලා දැම්මා..
"පිස්සෙක්.." මිහිදුම් මගෙ උරහිසෙන් එයාගෙ නළල තියාගෙන මගෙ අත් ගොබවල් වලින් තද කරලා අල්ලගත්තා
"ම්ම්.......ඕනෙ දෙයක් කරන්න..මඟට ඇවිත් නතර කරොත් ....මොකුත් නෑ.."
"කොහෙන්ද දෙයියනේ මම පටන් ගන්නේ..ඔයාට රිදේවි.."
"ම්ම්.."
මට බය හිතුණා.. නැත්තෙම නෑ..ඒත් සමහර විට මගෙ යටි හිතට බය නැතුව ඇති .ඒක සමහර විට මේ වෙන්න යන දේවල් වලට ආස ඇති..
කොච්චර වෙලාවක් ගියාද කියන්න මම දන්නේ නෑ ඒත් මනුස්සයෙක් සාමාන්‍ය විනාඩියකට ගන්න පුලුවන් හුස්ම ගානට වඩා වැඩි ගානක් ඒ වෙලාව ඇතුළෙම මම ගන්න ඇති. මිහිදුම් ගෙ කොණ්ඩෙ කෙස් ගැලවෙන්න ඇදෙන්න ඇති.. ඒවගේම පොඩ්ඩ පොඩ්ඩ වැවිල තිබුන මගේ නියපොතු වලට කොට්ටවල පුලුන් එළියට එන්න ඇති..ඒත් ඒ එකක් වත් මිහිදුම්ට කිසිම ගානක් නෑ.එයා හිටියේ මේ ලෝකෙ නෙවෙයි..අඩුම මම මොන නමින් කතාකරත් එයා මේ ලෝකෙට ආවේ නෑ..පැය ගානක් ගිහින් අවසානයේ එයාටම හති වැටිලා මගේ ඇඟ උඩටම වැටුනා.ඒ කොණ්ඩෙ දාඩියෙන් පෙඟිලා..
BẠN ĐANG ĐỌC
EVENING PRIMROSE | COMPLETE
Lãng mạnආදරේ හිතුණා ... මුල්ම වතාවට ...ඒ යාලුවෙක් විදිහටවත් සහෝදරයෙක් විදිහටවත් නෙවෙයි.. "අභිශේක්" "ඒ පාර ඇයි" "නිකන් එහෙම නමක් තියෙනවා කියලා මතක් කරේ"