55

422 51 22
                                    

ලාවට වගේ ඇස් ඇරිලා වැහිච්ච තත්පරේකදි මම දැක්කේ බොඳවෙච්ච මනුස්සයෙක් දොරක් ඇරගෙන දුවගෙන එළියට යනවා..ඒ ඇස් ඇරුන අනිත් තත්පරේ කලබල වෙච්ච මිනිස්සු ගොඩක් ඒ දොරෙන් ඇතුළට එනවා.

"චෙනෙත්.. ඔයාට ඇස් අරින්න පුලුවන්ද... චෙනෙත්.... ඔව් එයා නෝමල් වෙනවා..පොඩ්ඩක් බලමු.. චෙනෙත්....  චෙනෙත්.. පුතා ඔයාට කතාකරන්න පුලුවන්ද..එයාට සිහිය ඇවිත් තියෙන්නේ"

"චෙනෙත් .. ඇස් අරින්න පුලුවන්ද..ම්ම්.."

බෑ දෙයියනේ මගේ ඇඟ නෑ වගේ.මට මැරිලා ගියනම් මේ වේදනාව නෑ කියන්න තරම් ඇඟ රිදෙනවා. මිහිදුම්ගේ කට හඬ මගේ ළඟින් ඇහුණම මම යන්තන් ඇස් ඇරියා..ඒත් මගේ ඇස් බරයි..ඒව ඉක්මනට වැහෙනවා.

"පුතා..දැන් බයවෙන්න දෙයක් නෑ....මෙයාව රූම් එකට දාන්න පුලුවන් දැන්..එයාට මහන්සි දැනෙනවා ඇති. මිහිදුම්.. මට ඔයා එක්ක කතාකරන්න ඕනේ. ඔයාට තේරෙනවනේ චෙනෙත්ගෙ පැත්තෙන් එයාට අපරාද ගොඩක් සිද්ධ වෙලා තියෙනවා. මම අප්පච්චි එක්ක කතාකරා..එයාල ඔයාලගෙ වගකීම මට බාරදුන්නා.මේ වෙලාවෙ හැටියට එයාලට හදිස්සියේ එන්නත් අමාරුයි නේ..එළියට එන්නකො"

ගියා..මගේ අතේ ඇඟිල්ලකින් අල්ලගෙන හිටිය මිහිදුම් ඒක අතෑරලා ඩොක්ට එක්ක එළියට ගියාම මේල් න'ස් කෙනෙක් ඉතුරු වුනා.මොන මොනාහරි කරලා මාව මාව ඇඳ පිටින්ම අලුත් තැනකට එක්කන් ආවා. මොකද වුණේ ඉන්නෙ කොහෙද අද කවද්ද මේ කිසිම දෙයක් ගැන මට නිච්චියක් නොතිබුනාට මම ලොකු කාලයක් මෙතන ඉන්නවදෝ කියල මට හිතුනා.හවස තව තව කට්ටිය මාව බලන්න ආවට එයාලා නිසාවත් මට ඇස් අරින්න ඕනෙ වුණේනෑ.

"චෙනෙත්...... ඇස් අරින්න අමාරුයි ද වස්තුව.. ම්ම්..කමක් නෑ..හෙමින් සනීප වෙමුකෝ..ම්ම්.. ඔයා මෙහෙට ඇවිත් දවස් හතරයි.. ඔයාට සිහිය ආවේ නෑනේ..ම්ම්..අම්මට කියන්න වුණා.. අම්මට කිව්වම රණ්දෙනිගල අංකල්ට කියල ඔයාව ආසිරි එකට එක්කන් ආවා.එහෙම වුණේ.. ඔයාගේ ඇක්සිඩන්ට් එක නිසා ..මිනිස්සු පාරට බැස්ස, ඒ බයික් එකට විරුද්ධ වුණා..නඩු දැම්මා.. නුවර හොස්පිටල් එකෙන් ඔයාට සෙක්ශුවල් ඇබියුස් වෙලා තියනෙවා කියල රිපෝට් එකක් දුන්නනේ..ඒකටත් ඇක්ශන් එකක් ගන්න වෙනව. අපි ප්ලෑන් කරපු විදිහට මනුත් අකිත් එක්ක අරගලයට ජොයින් උනා..ඒකෙ ප්‍රධාන ටොපික් එක ඔයාගේ ඇක්සිඩන්ට් එක වෙච්ච නිසා කොල්ලොන්ට අරගලයට එන්න ඉඩ දුන්න වගේ උනා..ඒකෙන් දැන් ඇල්ෆා ටීම් එක ඉස්සරහින් ඉන්නවා..තව කිව්වොත් ජනාධිපති අපිට කෝල් කරා. ශෙහාන්ට.. මම විස්තර දන්නේ නෑ ඒකෙ නම්. ඒවගේම මුතුරාජ් සර් මීඩියා එකට කිව්වා ඇක්සිඩන්ට් එක වුනේ ඇල්ෆා ටීම් එකේ කැප්ටන්ගේ කියලා.. ගොඩක් දේවල් වෙනවා මැණික.. ඇක්සිඩන්ට් එක රහස් මාර්ගයකින් ගත්තම හිතලා කරපු එකක් කියලා පේනවා..හේතුව දන්නේ නෑ..ඔයාගෙන් කටෞත්තර ගන්න ඕනේ.ඒත් ඔයාට දැනට ඇල්ෆ ටීම් එකෙ ආරක්ශාව හමුදා ආරක්ශාව දීලයි තියෙන්නේ.. තව ගොඩාක් දේවල් වුණා"

EVENING PRIMROSE | COMPLETEWhere stories live. Discover now