56

453 48 23
                                    


"ඔය ෆයිල් ටික බලන්න..ඒකෙ තියෙන බයික් එක රෙජිස්ටර් වෙලා තියෙන කෙනා කවුරු උනත් එයා  අබේසිංහ කියන පවුලට සම්බන්ධ කෙනෙක්. එයට ඔයාව දැකල පුරුදුයි කියන්නයො ඔයාට පොඩ්ඩක් හුරුයි කියන්නයි දෙකටම හේතුව දැන් පේනවනේ"

"මට අමතක වෙලා තිබ්බේ..මම නිකමට හිතුවා ඒකාලේ නඩුව දවස් වල හම්බුනකෙනෙක් වෙන්න ඇති කියලා. ඒත් මෙහෙම දෙයක් හිතුවේ නෑ.මිනීමරුවෙක් නිදැල්ලේ."

"ඒක එක්කො පොරගෙ වාසනාව එක්කො මාමගෙ සල්ලි"

"එයාගේ මේ ගේ ළඟට ආවේ ඇයි කියල හිතලා බලන්නකො..මාව හොයාගෙන ආවේ.අපි කලබල උනා වැඩි නැද්ද..ගේට් එක වැහුවේ අපරාදේ වෙන්න බැරිද"

"එයා මම මෙහෙ ඉදියි කියල හිතුවෙ නෑ..දැක්ක ගමන් මූණ ගොඩක් වෙනස් වුණා.මට හිතෙන්නෙම ඔයාව හොයාගෙන ආවයි කියල.ඔයා එදා සාක්ශි දුන්න කෙනා කියල එයා දන්නවනම් අපිට මෙහෙම ගාඩ් එකක් දීල මදි"

"මම ඉන්නේ මහයියාවෙ කිව්වට එයාට මම කොහෙද ඉන්නෙ...චෙනෙත් එදා කෑම්ප් එකට අරගෙන ආව බයික් එක මළගෙදර තිබුනා."

"එතකොට .. බොහෝ විට අපෙ කැමරා කඩන්නේ ඒ ගොල්ලො"

"එදා ඔයා බිව්ව දවසෙ ආව අය මේ මනුස්සයාගෙම අය නම්.. එයාල හිතන්නේ මේ ගෙදර ඉන්නෙ මම විතරයි කියලා"

"ඒකත් එහෙමනම් ඔයා සාක්ශි දුන්න කෙනා කියලා කට්ටිය දන්නවා..ඒ ඇරත් ... ඉන්න.එයා මලගෙදර හිටියා කියන්නේ මාමලා ව දන්නවා.ඒ කියන්නේ ඒක මොකද්ද"

"අහන්නකො...මේක මට නදිව් කිව්ව එකක්.. අම්මලාගේ වාහනේ ඒක හිතල කරපු එකක් තමා..ඒකට මාමලා සම්බන්ධයි ..ඒ නදිව්ගෙ තාත්ත වුණත් වෙන්න පුලුවන් ලු.නදිව් එහෙම එකක් කිව්වා."

මිහිදුම් ලොකු හුස්මක් හෙලුවා. එයාට මේ දේවල් දරාගෙන දරාගෙන දැන් හැඟීම් දැනීම් නැති එකෙක් වෙලා වගේ ඉන්නේ.මම කිව්ව දේ එයාට අලුත් දෙයක් වුණත් එයා ඒක හුස්මකින් පිළිගත්තා.එයාට සැක හිතිල තියෙන්න ඇති මොනාවුණත්..

"ගොඩක් පැතිවලින් අපි පරිස්සම් වෙමු  එක අතකින් අරගලය අනිත් අතින් මේක.."

EVENING PRIMROSE | COMPLETEHikayelerin yaşadığı yer. Şimdi keşfedin