21 🦋🤍

389 65 50
                                    

.............................................

Hesh pov < 🦋🤍 >

කාලේ ගෙවිලා යනවා හිතාගන්න බැරි වේගෙකින්..ඒත් තාම මං හිටපු තැනමයී කාලයත් එක්ක මිනිස්සු වෙනස් වෙනවා කිව්වට මම තාමත් එතනමයී..හේෂ් වෙනස් වෙලා නෑ..දන් නැ ඇයි කියලා..මටත් වෙනස් වෙන්න ඕන..මටත් අනිත් අය වගේ සතුටින් ඉන්න ඕන ඒත් මට බෑ..මං කොච්චර වෙනස් වෙන්න ඕනි කියලා හිතුවත් මට ඒක කරගන්න බෑ..මං නිසා හැමෝටම රිදෙනවා.මට ඒක නතර කරන්න ඕනී..අම්මා , තාත්තා , චූටි , පොඩී මේ හැමෝම මං නිසා විදවනවා..මං ණයයි මේ හැමෝටම ..මට ඒ ණය ඉක්මනට ගෙවන්න ඕනී..මටත් වෙනස් වෙන්න ඕනී...

දවස් ගානක් වෙනස් වෙන්න ඕනී ඕනී කියලා හිතාගෙනම කිසිම දෙයක් පාවිච්චි නොකර කාමරේ බිත්ති හතරට කොටුවෙලා මං මාවම හිරකරගෙන ඉන්නවා..ඒත් මට ඉන්න බෑ මාව පිච්චෙනවා , නහයෙන් කටින් ලේ ගලනවා , මට පිස්සු හැදෙන් නැති ටික විතරයී...ඇත්තටම මට එවෙලෙට මාව කෑලිකරගන්න හිතෙනවා..මට ඒ පීඩනේ දරාගන්න බෑ...මං මැරිලා යයී..මං මැරෙන්න බය නෑ..මට බය මගේ චූටිව දාලා යන්න...මෙහෙ ආව දවසේ ඉදලා ඌ විතරයී මගෙන් ඇහුවේ අයියා හොදින්ද , අයියා කෑවද , අයියා ප්‍රශ්නෙකද , කියලා ..ඌ විතරයී කිව්වේ මං ඉන්නවනේ අයියාට කියලා..චූටී විතරයී හැමදේකටම මං ගාවින් ඉදියේ..හැමවෙලේම නැති උනත් මං ප්‍රශ්නෙක ඉන්න හැම දවසකම එයා මං ගාවින් ඉදියා..අනික මං ප්‍රශ්නෙක ඉන්නේ කියලා තේරුනෙත් චූටිටම විතරයී.....

එදා චූටී අපේ ගෙදර හිටපු දවසේ මං උදේම නැගිට්ටා..මට ඇහුනා හැමෝගෙම කටහඩවල්..ඒත් මට එලියට යන්න හිතදුන් නෑ...කාමරේට වෙලා ඉදලා කට්ටිය ගියාම එලියට යනවා කියලා හිතාගෙන උන්නත් මගෙ නහයෙන් කටින් ලේ ගලන්න ගත්තා , මාව වෙව්ලන්න ගත්තා ඩ්‍රග් නැති  නිසා..මං මුලු කාමරේම ඇදලා හෙව්වා ගෙනාපුවා තියනවද කියලා.අන්තිමට ඉවර උනු පැකට් එකක් හම්බෙලා ඒක ඉහලට ඇද්දා..වෙව්ලන එක ටිකකට අඩු උනත් ආයම වෙව්ලන්න ගන්නවා මූන පුරාම ලේ..මට මදි ඒවා.ඉවසගන්නම බැරි තැන බෝලෙට කෝල් එකක් ගහලා එන්න කියලා මං කාමරෙන් එලියට දිව්වා..ඒත් පඩිපෙල බැහැගෙන ආව මාව නතර උනේ අම්මා ඉන්නවා දැකලා..එයා දන්නවා මං මෙවට ඇබ්බැහි වෙලා කියලා එදා තාත්තාගේ බෙල්ට් පාරවල් පිටපුරා රටා ඇදපු දවසේ තාත්තා කියලා තිබුනා අම්මා එක්ක හැමදේම...මං පඩිපෙලේ ඉන්නවා දැක්ක අම්මා මට ලොකු පුතා කියලා කෑගැහුවා...එවෙලේ චූටීත් ඉදියා චූටීගේ අම්මත් ඉදියා...ඒ දෙන්නත් මගෙ දිහා බය වෙලා වගේ බලාගෙන ඉදියා..සමහරවිට එයාලා දකින්න ඇති නහයෙන් ලේ ගලනවා...තවත් මට ඉවසන්න බැරි නිසා කාටවත් කතා නොකර මං එලියට දුවලා ගේට්ටුව ඇරන් ගිහින් බෝලෙගෙ බයික්කෙට නැගලා ගියා..මට ඇහුනා චූටී මගෙ පස්සෙන් දුවන් එනවා වගේම මගෙ අම්මත් අඩනවා...මට නවතින්න ඕන උනත් මට කරගන්න දෙයක් තිබ්බේ නෑ..ඒ නිසා මං ගියා........

අවාරෙක මෙහි ඇවිත්_🦋🌙❤️ °|ආදරණීය කතාවක්|° ONHOLD🦋 TKNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ