තවමත් අහක බලාගෙන ඉන්න මහිත්ගේ ඇස් ඉස්සරහින් හිටගත්තු සනුත් ආයෙමත් කතා කලත් මහිත් නෙවේ හැරිලවත් බැලුවේ......
පහුගිය සතිය පුරාවටම සනුත්ගේ ඇමතුම් හැම එකක්ම මඟ අරිමින් ඉඳපු මහිත්.... මේ දැනුත් සනුත්ගේ කටහඬ ඇහෙද්දි නෑහුණා වගේ ආවෙත් ඒකෙන් සනුත්ගේ හිත රිදෙන බව දැන දැනමයි......
"අයියේ...... "
".............................."
එක පාරටම කම්මුල් දෙකට දැණුනු ස්පර්ශයෙන් නොහිතපු විදියට කම්පනය වුණු මහිත්ගේ ඇස් ගැස්සිලා ගියා......
"අහක බලාගෙන ඉද්දි මට සමාව ඉල්ලන්න බෑනේ.... මගේ දිහා බලන් ඉන්න....."
අත් දෙකෙන්ම කම්මුල් දෙක අල්ලගත්තු සනුත් එහෙම කියද්දි මොකද්දෝ නමක් නොදන්න හැඟීමකට මහිත්ගේ යටි පතුලේ ඉඳන් ඉහළට හිරියක් දිව්වා.......
"කියන්න...."
සනුත් ඇවිත් ඉස්සරහින් හිටගත්තු වෙලාවේ ඉඳන් කම්මුල් පාරක් ගහන්න තිබුණු ආසාව පෑල දොරින්ම පැනලා ගිහින් වගේ මහිත්ට දැණුනා...... ඒ වෙනුවට දිග ඇහි පිහාටු තියෙන ඒ ලස්සන ඇස් දෙකට හාදුවක් තියන්න මහිත්ට හදිසි සිතුවිල්ලක් ආවා.....
හරි සිහියට වරෙන් මෝඩයා..... උඹ ඉන්නේ පළිගන්න.... මතක නැද්ද උඹට මූ ලැජ්ජා කරපු හැටි..... ඒ මදිවට දැන් උඹට ටූත්ලස්වත් නැති වෙන්න යන්නේ..... හාදු තියන්න නෙවේ..... ජිවිත කාලෙම විඳවන්න සලස්සපන්......
හිතේ කොණක ඉඳන් මහිත්ගේ අඳුරු පැතිකඩ කෑගහනවා ඇහෙද්දි ඇඳීගෙන ආව මදහස ගිලගෙන තොල් තදින් පියාගත්තු මහිත් ආයෙම අර නපුරු සීතල චරිතෙට ආරූඪ වුණා.......තප්පර කීපයකින් වුණත් මහිත්ගේ මූණේ එහෙ මෙහෙ වෙන හැඟීම් වෙනසක් සනුත් දැක්කා..... එක තප්පරේකට ඒ තද කළු ඇස් හරි ලස්සනට දිලිසුනාද.... නැත්තම් ඒක මහ දවල් දැක්ක මායාවක්ද කියලා සනුත්ට හිතාගන්න බැරි වුණා.....