දහ නවවන හිමිවීම 💙

910 157 37
                                    

"මං කිව්වනේ එන්න ඕන්නෑ කියලා...... මං....."

"ආස ඇති අරූගේ බෙල්ලේ එල්ලිලා යන්න....."

"..........................."

"හැටි බලනවකෝ උගේ.... මූණ නිකම් ගල් ගහපු දෙබර කූඩුවක් වගේ.... ඇහැකුත් වපරෙට ගිහින්.... උතුර බැලුවාම නැගෙනහිර පේන්නේ..... කටු සුප් එකක් හදන්න හොඳයි කටු ටික විතරයිනේ තියෙන්නේ........  හෙන නළුවා කියල හිතන් ඉන්නවා ඇත්තේ.... සනුච් මල්ලී..... ඇයි තීස්සන අයියා...... යැයි යැයි තමයි......"

සනුත්ගේ රෑ වැඩ ඉවර වෙන වෙලාව බලෙන්ම අහගත්තු මහිත් සනුත්ව ගෙදර ඇරලවන රාජකාරිය තීක්ෂණගෙන් උදුරගත්තා....... මහිත්ට කරදර වෙන්න ඕනිනෑ කියලා කිව්ව සනුත්ගේ එක වචනෙට මහිත්ට දේවාලේ කපුවා ආරූඪ වුණා...... වෙන වෙලාවට වචන දහයක් කටෙන් එලියට දාන්නැති මහිත් කැඩුණු රේඩියෝවක් වගේ තීක්ෂණගේ බොරු අඩු පාඩු පෙන්න පෙන්න කට ඇද කරමින් කියවන හැටි සනුත් බලාගෙන හිටියේ පුපුරන්න ඔන්න මෙන්න තියෙන හිනාවෙන්.........

"තීක්ෂණට බඳින්න කෙනෙක් ඉන්නවා....."

"....... හරි ආස ඇති රිලවා වගේ එල්ලිලා ය...... මොකද්ද....."

මෙච්චර වෙලා නිහඬව හිටපු සනුත් තීක්ෂණට බඳින්න කෙනෙක් ඉන්නවා කියද්දිම නොනැවතීම කුටු කුටු ගගා ආව මහිත්ගේ කතාව නතර වුණා......

"තීක්ෂණ අයියට බඳින්න කෙල්ලෙක් ඉන්නවා...... තෞසෙ ඔච්චර ඉරිසියා කරන්නෙපා.... පුපුරයි......"

"ආ...... ඉරිසියාව... කවුද කියන්නේ....පිස්සු උඹට.... හහ්.... ඉතින් මට මොකද ඌට බඳින්න එකෙක් හිටියත් නැතත්.... මට ඌව පේන්න බෑ එච්චරයි ..... ඉරිසියා කරන්නම බඩ්ඩනේ මේක.... "

හරිනේ.... හත් පොලේ ගාගන්නවා කියන්නේ මේවට තමා.... ඇදගෙනම නානවා.... ලැජ්ජයි මහිතෝ... ලැජ්ජයි.... රේමන්ඩ් නමටත් කැලලක් මේක..... හිතේ කොණක ඉඳන් එකෙක් හිනාවෙනවා ඇහෙද්දි මහිත් කම්මුල් දෙකත් එක්කම රතු වෙලා ගියේ.... කවුරුහරි කම්මුල් මිරිකුව ගාණට.....

...................................................................................











"දැන් බලනවා බබා වෙලාව..... තෞසෙට පාඩම් කරන්නවත් වෙලාවක් තියෙනවද...... "

හිමි අහිමි 💙 Completed ✔Where stories live. Discover now