විසි එක්වන හිමිවීම 💙

1K 164 58
                                    

"මං..... උඹ....ට.... ආ....ද....රෙ...යි........."

"සනූ...... මොකද ඔතන....."

..................................................................................

"ඇයි මේ එළියට වෙලා..... ආහ් ගීතාන්.... ගුඩ් ලක් කොල්ලෝ.... හොඳට එක්සෑම් ලියහන් ඈ.... උඹට නම් රෑන්ක් එකක් ශුවර්නේ...."

"ත්...තැ....තැන්ක්...යු අයි...යේ....."

හදිසියේම පිටිපස්සෙන් ඇහුණු කටහඬ නිසා සනුත් වගේම ගීතානුත් ගැස්සිලා ගියා......

"බබා.... යමුද සර්ට කතා කරන්න.... ඊට පස්සේ ගෙදර යමු...."

"බ්...බ...බා...."

ගීතාන්ට විභාගය වෙනුවෙන් සුභ පතපු මහිත් ඊළඟට සනුත් දිහාට හැරිලා බබා කියලා කතා කරපු නිසාම සනුත් දිහාත් මහිත් දිහාත් මාරුවෙන් මාරුවට බලපු ගීතාන්ට මහ අසරණ කමක් දැණුනා.....

"ඔයා යන්කෝ අයියේ.... මම ගීතාන් එක්ක ටිකක් කතා කරලා එන්නම්...."

"ම්ම්ම්ම්ම්.... ඉක්මණට එන්න....."

සනුත් එහෙම කියද්දි මහිත් ඒකට එකඟ වෙලා ඔලුවත් වනාගෙනම ආපහු නිකිත් ඉන්න තැනට ගියා......

"ගීතාන්.... මේ අහන්න..."

"මං...... පරක්කු වැඩී ඇති..... මහිත් වාසනාවන්තයි....."

බලහත්කාරයෙන් හිනාව තොල් වලට රන්ද ගත්තු ගීතාන් කියද්දි සනුත් ආයෙම ගීතාන්ට බාධා කලා.....

"අපි අතර එහෙම එකක් නෑ....."

"දිව බොරු කිව්වත් උඹේ ඔය කතා කරන ඇස් දෙකට බොරු කියන්න බෑ සනුත්..... උඹේ ඇස් දෙක ඌව දකිද්දි දිලිසෙනවා..... එක අතකින් මට සතුටුයි..... උඹ ආදරේ කරනවා වගේම ඌත් උඹට ආදරෙයි නම්.... එච්චරයි .....

මං උඹට කියන්නෑ..... මට අවස්තාවක් දියන් කියලා....... ඒත් ....... කොයිම දවසකවත්...... උඹට ඔය පාරෙන් හැරෙන්න හිතුනොත්......  උඹ..... හැරෙද්දි......... මම උඹ පිටිපස්සෙන් ඉන්නවා කියලා....... මතක තියාගනින්.......

ඒ නැතත්......... අපි ආයේ කවදාමහරි මුණ ගැහුණොත්..... එදාට.... උඹේ හිතේ..... හොඳම යාලුවා කියන තැන..... මේ ගීතාන්ට තියපන්...... "

හිමි අහිමි 💙 Completed ✔حيث تعيش القصص. اكتشف الآن