සූර්යයා හා චන්ද්‍රයා හමුවේ බලය විභේදනය වූ රාජ්‍යයේ සූර්ය වංශය හා චන්ද්‍ර වංශය නමින් වංශ දෙකක් විය...
සූර්ය වංශය
සූර්යයාගේ බලය යටතේ ගින්දර පාලනය කිරීමේ හැකියාව හිමි වූ වංශය වූයේ සූර්ය වංශයයි.. ෆීනික්ස් කුරුල්ලා මොවුන්ගේ ශක්තියේ සංකේතයයි..වංශය පාලනය කරන වංශ රජතුමාට අමතරව උරුමය සදහා බොහෝ උරුමකරුවන් සිටින මේ වංශයේ උරුමකරුවන් අතුරින් බලගතුම කෙනා වූයේ සූර්යන් කුමාරයා..
සිංහ වංශය පවුල් බලකේන්ද්‍රයෙන් පැවත එන්නක් නොවන බැවින් වංශයේ ගිනි ශක්තිය පාලනයට දක්ෂම කෙනා උරුමක්කාර කුමාරයා වශයෙන් කිරුළු ලබනවා..සූර්යන් ද එසේ වංශයේ බල පරීක්ෂණයෙන් සමත් වූ සූර්ය වංශිකයෙකි..
සූර්ය වංශය කඩවසම් කෙලිලොල් තරුණයන්ගෙන්ද ලාලිත්‍ය මනාවට පිහිටි සුන්දර තරුණියන්ගෙන්ද පිරුණු වංශයකි..සූර්ය වංශයේ කඩවසම්ම තරුණයා ලෙස තරුණියන් අතර වඩාත් ප්‍රසිද්ධව සිටින්නේ සූර්යන් කුමාරයයි...
සූර්යන් කලු දිග කෙස් හිමි රක්ත වර්ණ ඇස් දෙකක් මෙන්ම රක්ත වර්ණ සූර්ය වංශ ලකුණ නලලෙහි කොටා ඇති කඩවසම් හැඩි දැඩි තරුණයෙකි.. ඉතා දැඩි ගති පැවතුම් ඇති මොහු කෝපවන විට මොහුගේ තද රතු පාට ඇස් ගිනිදැල් පැහැයට හැරෙන අතර එය මෙම වංශයේ කිසිම කෙනෙකු තුල දක්නට නොලැබුන ඉතාම සුවිශේෂී ලක්ශනයකි.. ගිනි මවන්නට , ගිනි පාලනය කරන්නට මෙන්ම ගිනි දැල් වලින් ෆීනික්ස් කුරුල්ලාව සක්‍රීය කරන්නට හැකියාව තියෙන ඉතා විශිෂ්ට ශක්තියක් මොහුට හිමිවිය..
YOU ARE READING
සීතල ගිනිදැල් [On Hold | Nonfiction Sinhala BL ]
Fantasy" සූර්යන් මට ඔබව විශ්වාස කල හැකිද " " චන්ද්‍රන් ඔබට මගේ ප්‍රේමය විශ්වාසනම් මාව විශ්වාස කරන්න " සූර්යන්ගේ හා චන්ද්‍රන්ගේ ආදර වෘතාන්තය 🌞 🌙