හැදින්වීම ❤💙

562 27 12
                                    

සූර්යයා හා චන්ද්‍රයා හමුවේ බලය විභේදනය වූ රාජ්‍යයේ සූර්ය වංශය හා චන්ද්‍ර වංශය නමින් වංශ දෙකක් විය...

සූර්ය වංශය

සූර්යයාගේ බලය යටතේ ගින්දර පාලනය කිරීමේ හැකියාව හිමි වූ වංශය වූයේ සූර්ය වංශයයි.. ෆීනික්ස් කුරුල්ලා මොවුන්ගේ ශක්තියේ සංකේතයයි..වංශය පාලනය කරන වංශ රජතුමාට අමතරව උරුමය සදහා බොහෝ උරුමකරුවන් සිටින මේ වංශයේ උරුමකරුවන් අතුරින් බලගතුම කෙනා වූයේ සූර්යන් කුමාරයා..

සිංහ වංශය පවුල් බලකේන්ද්‍රයෙන් පැවත එන්නක් නොවන බැවින් වංශයේ ගිනි ශක්තිය පාලනයට දක්ෂම කෙනා උරුමක්කාර කුමාරයා වශයෙන් කිරුළු ලබනවා..සූර්යන් ද එසේ වංශයේ බල පරීක්ෂණයෙන් සමත් වූ සූර්ය වංශිකයෙකි..

සූර්ය වංශය කඩවසම් කෙලිලොල් තරුණයන්ගෙන්ද ලාලිත්‍ය මනාවට පිහිටි සුන්දර තරුණියන්ගෙන්ද පිරුණු වංශයකි..සූර්ය වංශයේ කඩවසම්ම තරුණයා ලෙස තරුණියන් අතර වඩාත් ප්‍රසිද්ධව සිටින්නේ සූර්යන් කුමාරයයි...

සූර්යන් කලු දිග කෙස් හිමි රක්ත වර්ණ ඇස් දෙකක් මෙන්ම රක්ත වර්ණ සූර්ය වංශ ලකුණ නලලෙහි කොටා ඇති කඩවසම් හැඩි දැඩි තරුණයෙකි.. ඉතා දැඩි ගති පැවතුම් ඇති මොහු කෝපවන විට මොහුගේ තද රතු පාට ඇස් ගිනිදැල් පැහැයට හැරෙන අතර එය මෙම වංශයේ කිසිම කෙනෙකු තුල දක්නට නොලැබුන ඉතාම සුවිශේෂී ලක්ශනයකි.. ගිනි මවන්නට , ගිනි පාලනය කරන්නට මෙන්ම ගිනි දැල් වලින් ෆීනික්ස් කුරුල්ලාව සක්‍රීය කරන්නට හැකියාව තියෙන ඉතා විශිෂ්ට ශක්තියක් මොහුට හිමිවිය..

 ගිනි මවන්නට , ගිනි පාලනය කරන්නට මෙන්ම ගිනි දැල් වලින් ෆීනික්ස් කුරුල්ලාව සක්‍රීය කරන්නට හැකියාව තියෙන ඉතා විශිෂ්ට ශක්තියක් මොහුට හිමිවිය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
සීතල ගිනිදැල්  [On Hold | Nonfiction Sinhala BL ]Where stories live. Discover now