ශෘංගාර ස්වේත රාත්‍රියේ
පිනි යාය සීතල සාගරේ
හද යායේ සිතිවිලි මෝදුවේ
නුඹ පෑව උණුහුම් හාදුවේ.......දෑස උතුරන ඔය නුරා
දෙතොල පොපියන පෙම් හිනා
හඳ එලියටත් ලැජ්ජා වෙලා
වලා තුර සැගවී ගියා.......
"අයියේ.........."".................."
"සුදු අයියේ........"
"......................."
නින්දක් නිදාගන්න තරම්වත් වෙලාවක් තිබ්බද කියලත් සනුත්ට විශ්වාසයක් නෑ...... මුළු රෑම එළිය දුන්න සඳ හෙමින් හෙමින් බැහැලා ගියත් ඉර එළිය වැටෙන්න තරම් වත් වෙලාවක් වුණේ නැති හිමිදිරි පාන්දර සනුත් ඇහැරුණේ කාමරයේ අඩි එහා මෙහා වෙන සද්දෙට......
සනුත්ගේ දුරකතනයේ එලිය ආධාරයෙන් කාමරයේ තිබුණු ඇඳුම් අල්මාරියෙන් ඇඳුම් හොය හොයා උන්න මහිත් සනුත්ගේ හඬට යන්තම් ඔලුව උස්සලා බලලා නෑසුණා වගේ ආයෙමත් තමන්ගේ වැඩේ කරන්න පටන් ගත්තා.....
"ඇයි මේ....... මොනවා හරි ප්‍රශ්නයක්ද..... මොකද්ද අවුල..... මං ඉන්නවනේ..... මට කියන්න....."
අල්මාරිය දිහාට හැරිලා ඇඳුම් හොයන මහිත්ගේ පිටිපස්සෙන් ගිහින් බැක් හග් එකක් දීලා තදින් වැළඳගත්ත සනුත් එහෙම මිමිණුවා.......
"නතින්ග්....."
ආයෙමත් සීතල නිහඬතාවයක් ....... සනුත්ට මහ මූසල හැඟීමක් දැනෙන්න ගත්තා.....
"අයියේ...... "
"......................"
"මං දිහා කෙලින් බලනවා ....."
මහිත්ගේ මේ කාලගුණේ වගේ වෙනස්වෙන සුළු ගති ගුණ සනුත්ට හරි බර වැඩියි....... සනුත් කතා කරනවා ඇහුණත් නෑහෙන ගාණට මහිත් තමන්ගේ පාඩුවේ රෙදි තෝරද්දි..... පොඩ්ඩක් ඉන්න.... තෝරනවද....
මහිත්ගේ ඉණ දෙපැත්තෙන් අල්ලගත්ත සනුත් හරි ආයාසයෙන් මහිත්ව තමන්ගේ දිහාට හරව ගත්තා.......