5 වෙනි පරිච්ඡේදය 🌞 🌙

114 19 13
                                    

සූර්යන් ගං ඉවුරෙන් ඉවත්වී නැවත කුටිය වෙත යද්දි ඔහු ඔහුගේ සාමාන්‍ය වේශයට පැමිණ තිබුනා.. ඔහු කුටියට යන්න හදනවත් සමග ඔහුගේ නෙත ගැටුනේ භද්‍රා...

" සූර්යන් කුමරුනි.. හමුවීම සතුටක්... මම භද්‍රා .. "

" භද්‍රා..ඔබවත් හමුවීම සතුටක්.. "

" මෙහිදී වංශ භේදය නොමැති නිසා මාහට ඔබ සමඟ නිදහසේ කතා කල හැකී නේද "

" ඔව් අනිවාරෙන්.. ඔබට හැකී... "

" කදිමයි.. සූර්යන් ඔබේ ඇස් ඒවා කෝපගත් විට ගිනිදැල් මෙන් බව ආරංචී.. එය සැබෑවක්ද "

" හහ් හහ් එසේයි.. ඔබට ඒ බව පැවසුවෙ චන්ද්‍රන් ද "

" චන්ද්‍රන් මගේ සොහොයුරත්
ඒ බව දැක්කද "

" ඔව් ඔහු එය දැක තිබේ.. ඒ බව පැවසුවේ නැතිද "

" ඔහු කිසිවෙකු සමඟ වචන 10කට වඩා කතා කරන්නේ නැහැ.. ඔහු මා සමඟද කතා කරන්නේ නෑ.. "

" නමුත් ඔහු මා සමඟ- "

" භද්‍රා මෙහි පැමිණෙන්න "

භද්‍රා සමඟ කතාවක සිටි සූර්යන්ගේ අවදානය යොමු වුනේ චන්ද්‍රන් දෙසට.. චන්ද්‍රන් පෙර මෙන් නොව දැඩි සීතල කටහඩකින් භද්‍රාව ඔහු වෙතට කැදවගන්නට විය..

" සීනුව නාද කරාවි.. ගිහින් සූදානම් වන්න "

චන්ද්‍රන් භද්‍රාට නියෝග කල විට භද්‍රාද වාද නොකර කුටියට පිටත් විය..

" චන්ද්‍රන් ඔබේ නැගණිය, ඇය ඉතාම ප්‍රියකරුයි "

" මගේ නැගණියගෙන් ඈත් වී සිටින්න "

ඇස් දෙක තද නිල් පැහැ ගැන්වී ඔහු පැවසූයේ කේන්තියෙන් බව තේරුම් ගැනීමට සූර්යන් ගියේ මොහොතකි.. මන්ද යත් එය කලින් සෑම විටකම වඩා වෙනස් ලෙස ඔහුට දැනුනා..

" චන්ද්‍රන් ඔබට කුමක් සිදු වෙලාද.. "

" මා පැවසුවේ මගේ නැගනියගෙන් ඈත් වී සිටින ලෙස පමණයි.. ඇයි ඔබට ඇය ගැනත් හැගීම් ඇති වෙලාද "

" කුමක් ද ඔබ පැවසුවේ !? "

එවර කෝපයෙන් ගිනිලන දෑස් සමඟ සූර්යන් චන්ද්‍රන්ගේ උරහිස මිරිකන්නට විය..ඒත් සමඟම අධ්‍යන කුටියේ සීනුව නාද වී දෙදෙනාම දෙදෙනාගෙන් ඈත් වන්නට විය..

සීතල ගිනිදැල්  [On Hold | Nonfiction Sinhala BL ]Where stories live. Discover now