හතලිස් දෙවන හිමිවීම 💙

950 173 50
                                    

දැන් දවස් දෙකක් වුණා...... ඔව්..... හරියටම දවස් දෙකක්..... කොච්චර වෙලා බැංකුව ඉස්සරහට වෙලා බලාගෙන හිටියත් සනුත්ව දකින්න ලැබුණේ නැති එක ගැන මහිත් හිටියේ කනස්සල්ලෙන්.......

බැංකුව ඉස්සරහත්..... සනුත්ගේ ඇනෙක්සිය අවටත් ලීප වතාවක්ම එහෙ මෙහෙ ගියත් මහිත්ට සනුත්ගේ ඡායාවක්වත් දකින්න ලැබුණේ නෑ......

ජොබ් එකෙන් අයින් වෙලාවත්ද ..... සනුත්ගේ අංකය කීප වතාවක්ම ඩයල් කරන්න උත්සාහ කරලත් ආයෙමත් ඒ උත්සාහය අත ඇරලා දාපු මහිත් හිටියේ හේබාලා ගිහින්.....

මනුල්මිට කතා කරලා සනුත් ගැන අහන්න හදලත්..... කීප වතාවක්ම බැංකුවේ ගේට්ටුව ළඟටම ගිහින් ආයෙමත් හැරිලා ආවෙත්...... තමන් ඇවිත් විස්තර හොයපු බව සනුත් දැනගත්තොත්.... තවත් සනුත්ගේ හිත රිදෙයි කියලා මහිත් උපකල්පනය කරපු නිසාමයි......

ඉතින් අවසානෙදි සනුත් හිත හදාගන්න ඇති කියලා තමන්ටම කියාගත්ත මහිත්...... තව දුරටත් සනුත් පස්සේ ඇවිදින එක නතර කරන්න තීරණය කළා.......

...................................................................................................................











"සුදු මහත්තයා..... නැගිටින්න පුතේ...... මේ බත් කටක් කාලා ඉමු මහත්තයෝ......"

"සුදු මහත්තයා ......"

"අනේ බලන්න මල්ලි..... මේ ළමයා දැන් කී වෙලාවක් නම් මෙහෙමද........කොච්චර නම් කතා කළාද..... හාවක් හූවක් නෑ....... දැන් වේල් කීයක් නම් වතුර උගුරක්වත් නැද්ද....."

"සුද්දා..... නැගිටහං..... කෝ.... මෙහේ දෙන්න අක්කේ..... මං කවන්නම්......"

අසල්වාසී ගෙදරක කාන්තාවක් බත් පිඟානකුත් ඔසවගෙන සනුත් වටේ කැරකුණේ බත් ටිකක් කවන්න හිතාගෙන..... නමුත් සනුත්ගේ කිසිම ප්‍රතිචාරයක් නැති වුණ ඒ කාන්තාව සුසුමක් හෙලද්දි මේ සිදුවීම බලාගෙන හිටපු නිරෝධ ඒ කාන්තාවගේ අතින් බත් පිඟාන ඉල්ලා ගත්තා......

ගතවුණ පැය 48 පුරාවටම බත් ඇටයක් තියා වතුර උගුරක්වත් සනුත්ගේ උගුරෙන් පහළට ගියේ නෑ ...... 

අම්මගේ මරණය අහපු මොහොතේ හදිසි කම්පනයකට ලක් වෙලා සිහිසුන් වුණ සනුත්ට සිහිය එන්න පැයක් විතර ගියා...... ඒ සිහිය ආවත් එතැන් පටන් කිසිම කෙනෙක් එක්ක වචනයක්වත් කතා නොකරපු සනුත් යන එන ජනකාය මඟ ඇරලා කාමරයට වැදිලා ඉන්න වුණා.....

හිමි අහිමි 💙 Completed ✔Onde as histórias ganham vida. Descobre agora