7 වෙනි පරිච්ඡේදය 🌞 🌙

109 16 8
                                    

" චන්ද්‍රන්... "

" සූ..සූර්යන්..ඔබ හොඳින් නේද "

සිරකුටියේ රන් දම්වැල්වලින් ගැටගසා මේ වන විටත් කස පහර වැදී අඩ නිරුවත් උඩු කයෙහි රුධිරය ගලන කැපුම් තුවාල සමඟින් වුවද චන්ද්‍රන් විමසුවේ සූර්යන්ගේ තතු වෙද්දි සූර්යන් තවමත් භද්‍රගේ ඇගේ එල්ලීගෙනම කදුලු පිරුණු දෑසින් බලාසිටියේ චන්ද්‍රන්ගේ කැපුම් තුවාල දිහායි..

සිරකුටියේ රන් දම්වැල්වලින් ගැටගසා මේ වන විටත් කස පහර වැදී අඩ නිරුවත් උඩු කයෙහි රුධිරය ගලන කැපුම් තුවාල සමඟින් වුවද චන්ද්‍රන් විමසුවේ සූර්යන්ගේ තතු වෙද්දි සූර්යන් තවමත් භද්‍රගේ ඇගේ එල්ලීගෙනම කදුලු පිරුණු දෑසින් බලාසිටියේ චන්ද්‍රන්ගේ කැපුම් තුවාල දි...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" සූර්යන් ඔබ දෙදෙනා කතා කරන්න..මා එලියෙන් සිටින්නම්..කවුරුන් හෝ පැමිණෙනවාදැයි බැලිය යුතුයි.. "

සිර කුටියට රැකවල් නොමැති වුවත් ඊට අවශ්‍ය විටක යාමට ඒමට නොහැකි නිසාම භද්‍ර සූර්යන්ව තබා එලියට යන්නට වුනා..

" චන්ද්‍රන්.. ඔබට වේදනයිද? "

" නැහැ.. මන් හොදින්.. ඔබට කෙසේද?? සූර්යන් මට සමාවෙන්න.. සිදුවූ සියල්ලට මට සමාවෙන්න.. මම ඔබට එසේ කරන්නට සිතුවෙවත් නෑ සූර්යන්.. ඔබට හානි කරන්නට මා සිතුවේ නෑ.. "

චන්ද්‍රන්ගේ ඇස් වලින් වැටුන කදුලි දෙකොපුල් තෙමාගෙන පහලට යද්දි සූර්යන් චන්ද්‍රන් වෙතට ලන් වී ඒ කදුලු පිහදාන්නට වුනා..

" නාඩා සිටින්න.. මා දන්නවා ඔබ එය සිතාමතා සිදු නොකල බව.. අනික බලන්න මා හොඳින්නේ.. "

" සමාවෙන්න සූර්යන්... "

" ඔබට ගොඩක් වේදනයිද?? කැපුම් තුවාල ඒවා ගොඩක් වේදනා දෙනවාද ? "

සූර්යන් චන්ද්‍රන්ගේ නිරුවත් උඩු කයෙහි තම අත යවමින් හරිම මෘදුව අල්ලද්දී චන්ද්‍රන් ඇස් තදින් පියාගත්තා..

" සූ...සූර්යන්... "

" සමාවෙන්න.. වේදනාව වැඩී නේද ? "

සීතල ගිනිදැල්  [On Hold | Nonfiction Sinhala BL ]Where stories live. Discover now