" රන්කද !"" ............. "
" ඇදට නගින්න කලින් මට රන්කදගේ මිනිහව මරලා ඉන්න වෙයි නේද ?"
" මොකක්ද තෝ කියන්නේ... "
ටෙරාන්ගේ හිත එක පාරම ගැස්සුනත් ටෙරාන් බය වුණේ නෑ කියලා අගවන්න වගේ දත් මිටි කාගෙන කේන්තියෙන් කතා කරා.
" කේන්ති ගියාමත් රන්කද ලස්සනයි. එහෙමයි කියල ඉතින් කොහෙවත් යන එකෙක් වෙනුවෙන් ඔච්චර කේන්ති ගන්න එපා රන්කද..."
" නවත්තපන් පකෝ... පිස්සු හු#ත්තෙක් වගේ රන් කදක් ගැන කියවන්නේ... "
" ඉතින් ඔය ඇග රන් කදක්නේ... ඔය අභිත් කියන එකා උඹෙන් ගන්නේ තාවකාලික ආතල් එකක් බන්. තව ටික දවසකින් උඹව කුණු මාළු කෑල්ලක් වගේ දොට්ට ඇදල දායි. "
" තෝ කියන ගොන් කතා අහන් ඉන්න මට වෙලාවක් නෑ. "
" අරුත් ගෙදර නැති එකේ වචනයක් දෙකක් කතා කරා කියලා උඹේ මුකුත් ගෙවෙන්නේ නෑ නේ.. "
" පිං සිද්ධ වෙයි අපිට අපේ පාඩුවේ ඉන්න දීපන්.."
" මට මගේ රන්කද තනියම ගෙයක් අස්සට වෙලා බත් තම්බ තම්බ දුක් විදිනවා බලන් ඉන්න බෑ.. ඉතින්-"
" තොට මොනාද ඕනෙ කියපන් ?"
" ඌව්... බලන්නකෝ ඉතින් තියන හදිස්සිය. ඉල්ලන්නත් කලින්ම අහනවා මොනාද ඕනේ කියලා... මට ඕනේ නම් රන් කදව තමා ඉතින් ඒත් උඹ මා ගාවට එනවටත් වඩා මට ඕනේ අර අභිත් කියන පර බල්ලව උඹෙයි මගෙයි කතාවෙන් අයින් කරලා දාන්න. "
" .......... "
" මොනාද රන් කද ඔච්චරටම කල්පනා කරන්නේ... මිනිහා ආපු ගමන්ම කේලම කනේ තියන්නද ? මගෙ රන් කද උඹ පව්ව්ව්... ගෙයක් අස්සට වෙලා දුක් විදිනවා.. මිනිහා අරහේ ගෑනු එක්ක ලෝකේ වටේ රවුම් ගහනවා."
" කටවහපන් තෝ... උඹ හිතන් ඉන්නේ මම උඹ කියන දේවල් විශ්වාස කරයි කියලද ??? අහ්හ්... මන් මේ දැන්ම පොලීසි යනවා... "
" එහෙමද ??? ගෙයින් එළියට බැහැල මහපාරට වෙනකන් ගියා නන් උඹේ ඔය සද්ද ඔක්කොම එක තප්පරෙන් නැතිවෙයි. "
KAMU SEDANG MEMBACA
අභිරන් 🌹 | Sinhala BL
Nonfiksiමට ඕනේ හැමදාම... නුඹෙ තුරුලටම වී ඉන්න... 🌹 TaeKook Non Fanfiction #1 roses #1 marshmallows #1 nonfic #1 nonfanfiction #1 nonff #1 nonfanfic 2023.12.09 2024.06.08