13 වෙනි පරිච්ඡේදය 🌞 🌙

172 12 13
                                    

" මෙයින් පිටවී ගිය පසු ?? "

" මා ඔබව සදහටම අමතක කරනවා සූර්යන් "

" ඔබට හැකිද ? "

" නොහැකි වුවත් මා එය කරනවා.. මින් පිටවෙන තෙක් මා ඔබේ සමීපතමයා ලෙස කටයුතු කරන්නම්.. ඔබට ඉගැනීමට අවශ්‍ය තොරුතුරු ඔබ ඉගෙන ගන්න මා ඊට උපකාර කරන්නම්.. "

" චන්ද්‍රන් ඔබ කතා කරන්නේ මේ දේවල් ඔබට අදාල නැති ලෙසනේ.. මට පමණක් නෙවෙයි ඔබටත් මේවා වැදගත්.. "

" ඒ ගැන ඔබ සිතන්න එපා.. "

" චන්ද්‍රන් මට අවංක වෙන්න.. ඔබ ඔබගේ උරුමය අතහරින්නද සූදානම "

" එසේ වෙනවනම් ඔබ ඊට කැමතිද "

" නැහැ.. මම කැමති නෑ ඔබ මෙලෙස හැසිරෙනවට.. ඔබ මන් නිසානම් මෙලෙස හැසිරෙන්නේ දෙදෙනාම ගොස් පවසමු දෙව්තුමාට අධ්‍යන කටයුතු කිරීම අනවශ්‍ය බව.. මා කැමති නෑ ඔබ මෙලෙස මන් නිසා හිතේ දෙගිඩියාවෙන් ජීවත් වෙනවාට.. මට ඔබව ප්‍රයෝජනයට ගෙන අධ්‍යන කටයුතු සිදු කිරීමට අවශ්‍ය නැහැ.. "

" සූර්යන්.. මා බලයට ප්‍රිය නෑ.. මට අවශ්‍ය මා ප්‍රියයන් සමඟ සරලව සතුටින් නිදහසේ ජීවත් වන්නට පමණයි.. "

" ඔබට එසේ සිටිය හැකි වන්නේ ඔබේ ප්‍රියයන් රැකීමට බලගතු වූවොත් පමණයි සූර්යන්.. ඔබ ඔබේ නැගණිය ගැන සිතා තීර්ව සරණ යවා තීර්ට උරුමය පවරන්න සිතා සිටිනවා නම් මතක තියාගන්න ඔබ කරන්නට යන්නේ අනුවණකමක්.. "

" ඔබ කෙසේද ඒ බව දන්නේ ? "

" ඔබ සැබැවින්ම දන්නේ ඔබේ හැඟීම් ගැන පමණයි චන්ද්‍රන්.. ඔබ පීඩනෙන් සිටිනවා සේම ඔබ අවට සිටින්නන්ද සිටින්නේ පීඩනයෙන්.. ඔබේ නැගණිය ඒ වගේම මම, අපි දෙදෙනාටම අවශ්‍යයි ඔබ සැබෑ උරුමකරුවෙකු ලෙස නොබියව මුහුණ දෙනවා බලන්න.. "

" මා උරුමකරු වුවොත් ඔබේ පලමු හතුරා මා වේවී සූර්යන් "

" මා ඊට කැමති.. වෙන කෙනෙක් නොවී ඒ ඔබම වෙනවනම් සතුරා වුවත් මා ඊට කැමති "

චන්ද්‍රන් සූර්යන්ගේ වචන වලින් ගොලු වුනා.. චන්ද්‍රන් සූර්යන්ට ප්‍රේම කරත් සූර්යන් සෑම විටම එය ප්‍රතික්ශේප කරා..මන්ද සූර්යන් තවමත් සිතන්නේ මේ සිදුවන දේවල් පාලනය කිරීමට තරම් ඔවුන් ශක්තිමත් නැති බවයි. එනිසාමයි ඔහුට අවශ්‍ය වන්නේ ඉතිහාසය මෙන්ම දේව අනාවැකි ගැනද ඉගෙනීමට..

සීතල ගිනිදැල්  [On Hold | Nonfiction Sinhala BL ]Where stories live. Discover now