පනස් හතරවන හිමිවීම 💙

923 174 78
                                    

ටීක් ටීක් ටීක්.....

"නිකියා......"

"ම්ම්ම්ම්......"

කාර් එකේ සිග්නල් ලයිට් වල ටීක් හඬත් එක්ක දකුණු පැත්තේ තිබුණ පාරට කාර් එක හරවන නිකිත් මහිත්ට හූමිටියකින් විතරක් උත්තර දුන්නා.......

"කොහෙද අපි යන්නේ......"

"උඹේ මොලේ පාදන්න....."

මහිත්ගේ ප්‍රශ්නෙට නිකිත්ගෙන් ලැබුණේ දැඩි පිළිතුරක්......

මහිත්ගේ මෝඩකම් ගැන එකක් නෑර අහපු වෙලාවේ ඉඳන් නිකිත් ඉන්නේ මහිත්ගේ ඔලුව හිල්වෙන්න ටොක්කක් අනින්න ආව ආශාව දැඩිව මැඩ පවත්වගෙන.....

"මේ බොරැල්ල දිහාටනේ යන්නේ....."

"හ්ම්ම්ම්....."

"බැංකුවටද යන්නේ නිකියා....."

"හ්ම්ම්ම්....."

"වැඩක් වෙන එකක් නෑ බං.... මං ගිහිල්ලා බැලුවනේ....."

"උඹ ගිහිල්ලා බැලුවේ කොල්ලා ඉන්නවද කියලනේ..... මම යන්නේ ඌගේ යාළුවා ... අර කෙල්ල බලන්න..... නම මොකද්ද කෙල්ලගේ....."

"මනුල්මි....... ඒත් ඒකි මං එක්ක කතා කරන එකක් නෑ බං...."

පැසෙන්ජර් සීට් එකේ ඉන්න මහිත් එහෙම කිව්වේ බලාපොරොත්තු කඩ වුණ හඬකින්..... සනුත් ගැන ආරංචියක් ගන්න තියෙන හැම විදියක්ම මහිත් මේ වෙද්දිත් උත්සාහ කරල ඉවරයි වගේම ඒ එක ක්‍රමයකින්වත් සනුත් ගැන ආරංචියක් ලැබුණේ නැති නිසා මහිත් හිටියේ හිතේ වේදනාවෙන්.......

"උඹට ඒ පණ්ඩිතකම් වැඩක් නෑනේ..... මම ඒක බලාගන්නම්....."

නිකිත් එහෙම කියද්දි මහිත් නිහඬවම කරබා ගත්තා.....

....................................................................................................................................












"උඹ එළියෙන් ඉඳපන්.... මම පොඩ්ඩකින් සිග්නල් එකක් දෙන්නම්.... එතකොට වරෙන්....."

නිකිත් එහෙම කියමින් ඇතුලට යන්න පිටත් වෙද්දි මාහිත් හිස වනා එකඟතාවය පළ කළා .....

කොහොමත් දැනටම තමන්ට උපරිමයෙන් කෙල වෙලා තියෙද්දි තවත්  තියෙන  දේවල් නරක අතට හරවගන්නේ නැතුව නිකිත් කරන දේකට උදව් කරන්න මහිත් ඉටා ගත්තා.....

හිමි අහිමි 💙 Completed ✔Where stories live. Discover now