Part 4

48 10 3
                                    

මන් ළගටම ගියා එයා නොසැලී
අයියාගෙ මුහුන දිහාම බලාගෙන ඉන්නවා මන් එහෙම්ම ඇස් අරන් ගියෙ
මගේ සුදු අක්කා ගාවට ....
එයා අපේ අම්මා වගෙ පෙනුම විතරයි
ගතිගුන වලින් තාත්තා ම තමයි
එයා හැම තිස්සෙම මෙකප් තට්ටු උලාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි
හරිම චාම් හිත හොද කරුනාවන්ත චරිතයක් මගේ හිතේ තියෙන පොඩි දෙ
පවා share කර ගත්තෙ සුදු එක්ක
මන් භාරත් අයියාට කැමති වගත් ඉස්සරාහම කිව්වෙ එයාට එයා එකට පාර කපලා දුන්නා අක්කලා කොහොමත්
මල්ලි ලාට අදරෙයි ලු නෙ ...

පුංචි කාලේ අම්මා බිස්නස් වැඩ වලට රටින් පිට ගියාම මාව අම්මා වගේ බලාගත්තෙ මගේ සුදු අක්කි මගේ අක්කා කියන්නෙ මගේ දෙවෙනි අම්මා..
ළගට අරන් නැලවිලි කවි කියලා
මාව නලවලා නිදිකරපු විදිහ අදටත් මට මතකයි අක්කෙ ...

මම මගේ අත් වලින් මගෙ සුදු අක්කාගෙ මුහුණ අත ගෑවා වෙනදට රස්නෙයි අද සිතලයි වෙනදට රොස පාටට දිලිසෙන තොල් අද මැලවිලා
එ ලස්සන මුහුන මාලානික වෙලා..
මට එක පාරම ඉකි ගැහිලා ඇඩුනා
මම පෙට්ටිය අල්ලගෙනම දණ ගහලා
හයියෙන් අඩන්න පටන් ගත්තා ...
මන් ඇස් කොනින් දැක්කා අයියා මගෙ පැත්තට ඇවිදන් එනවා ....

"මැණිකේ...මහි අඩන්න එපා
කෝ නැගිටින්න ..."

"අනේ...අයියේ...මගේ සුදු අක්කා අනෙ
එයාට නැගිටින්න කියන්න කෝ...."

"ශ්...අඩන්න එපා ම්ම්ම්.."

එයා අඩන්න එපා කිව්වත් මන් කරේ දිගටම අඩපු එක මන් කවදාවත් නැතුව මගේ හැගිම් එලියට දැම්මා කොච්චර ශාක්ති මත් කියලා පෙන්නන්න හැදුවත්
මට මෙතන දරා ගන්න බැරි උනා...
මන් පිරිමියෙක් උනාට Army එකේ උනාට මොකද අපිටත් හිතක් තියෙනවා
අපිත් සාමාන්‍ය මනුස්සයො....මේ වගේ දෙවල් දරා ගන්නෙ කොහෙමද ....

අක්කා කෙනෙක් ඉන්න ඕනම කෙනෙක්
දන්නවා අක්කා කෙනෙක් ගේ වටිනාකම
අම්මාගේ තැන ගන්න පුළුවන් එකම කෙනා එයා විතරයි ...!

_දෙවෙනි අම්මා_

අම්මා අකුරු තුන
මා හට අක්කාම විය
උකුලට ගෙන බර
දරනා සැටි අගය
අම්මා නොමැති කලට
නුඹමය මට අම්මා
කිරි සුවදක් නැතත්
මව් සුවද නුඹමය ....

ACTION |  ඇක්ෂන්  [YIZHAN ] Where stories live. Discover now