ඔහු පුරුශයෙක් ඉතින් මන්ද .......... මන්ද ......... ?? හහ් ...... ඔබ පවසන්නේ මට පුරුශයෙක් සමග පෙමින් වෙලෙන්න කියාද . එය කොතරම් නින්දිත පහත් පිලිකුල්සහගත ක්රියාවක්ද අනෙක් රජවරුන්ට මෙන් ඔබට තෝරාගැනීම් නෑ දරුවා ..................... කෙයිශිකාට පසුව නාගසාර බලය ඇතිව උපත ලැබූ එකම නරයා ඔහුයි ........ ඔහුට පමනයි භාහුර්වතී මෑණියන්ට කැප කල හැකි ....... එතුමියව සතුටු කළ හැකි පූජනී ශරීරයක් ඇත්තේ ....... ඔහුට පමණයි ඔබව මේ මුලු රාජධානියේම මහ රජු බවට පත් කළ හැක්කේ ........ස්ත්රී හෝරාවක උපත ලැබූ ඒ පුරුශයා ඔබව නා ලෝකයේ රජු බවට පත් කරයි නාග්රව් ........... නාග්රව් ⚕............ නා නර පෙම් පුරාවෘත්තය ( මෙහි එන සියලුම දේ මනංකල්පිත වන අතර සියලු විශ්වාස , ඇදහිලි හා දේව නාම කතුවරියගේ නිර්මාණයකි )