සීතලයි පොද වැස්සයි කියලා බලන්නේ නැතිව හොදට නාගත්තේ මේ ඔලුගෙඩිය ඇතුලේ තියන කුණු කන්දල් මතු පිටෙන්වත් හේදුවොත් යයිද කියලා බලන්න... රැයක් නොනිදා පහන් කරපු නිසාම ඇස් කොන් රතු වෙලා... ටිකක් දැවිල්ලයි... ඇගිලි වලින් කෙස් අතර රැදි වතුර බින්දු ගසමින්ම මම ඇදගන හිටපු තුවාය පිටින් ජනේලේ ලගට ආවා... ඈතින් පේන ලස්සන කදු ගැටය අපහැදිලි කරමින් ලා මීදුමක් ජනේල් වීදුරුවල බැදිලා...... අතින් පිහදැම්මත් අයේමත් ටික වෙලාවකින් මීදුම වගේ බැදිලා අපැහැදිලි වන ජනෙල් වීදුරුව තුලින් මම එලිය බලන්න උත්සහා කරා....
21 parts