Yonsu - අපේ පවුලේ නම්බුවම මේක නැති කරලා මහත්තයා.. යෝන්සූ තවත් අඬන ගමන්ම දෝයොන්ට එයාගේ දුක කිව්වා උනත් එකෙන් උනේ තේහ්යුන්ග් ගැන දෝයොන්ගේ හිතේ තියන කේන්ති තවත් වැඩි උන එක. Doyon - තේහ්යුන්ග් මම තව එක සැරයයි අහන්නේ බඩේ ඉන්න එකාගේ අප්පා කවුද? නහර ඉලිප්පෙන්න කේන්තියෙන් කෑ ගහන අප්පා දිහා කඳුලු පිරුනු ඇස් දෙකෙන් බලනවා ඇරෙන්න තේහ්යුන්ග් වෙන මුකුත්ම කලේ නෑ. එක වචනයක් කතා කලේ නෑ. ගොලුවෙක් වගේ බලන් හිටියා මිසක්. ඇත්තට තේහ්යුන්ගේ පුංචි හිතට මේ ප්රශ්නය බර වැඩි. ලෝකේ ගැන කිසිම බරක් පතලක් නැතිව නට නට හිටපු තේහ්යුන්ග් ට මේ වෙන දේවල් තාම එකපාර මොලේට තේරුම් ගන්න බෑ. Doyon - එහෙනම් උඹ ඌ ගැන කියන්නේ නෑනේ.. උඹට ඕනේ ඌව ආරක්ෂා කරන්නනේ.. හෙට උදේට ලෑස්ති වෙලා හිටපන් ඔය අවජාතකයව නැති කරලා දාන්න යන්න.