- 02 -

1.1K 126 41
                                    

          " මගෙ දරුවා කෝ?! මට යන්න දීපං තිරිසන් බල්ලො!! "


    ජපන් කතගේ වචන තරබාරු සිංහලයාට නොතේරුණත් එය උපකල්පනය කිරීමට ඔහු සමත් විය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

    ජපන් කතගේ වචන තරබාරු සිංහලයාට නොතේරුණත් එය උපකල්පනය කිරීමට ඔහු සමත් විය. ශාන්තුවරයෙකු සේ සන්සුන් ලෙස සැත්කම් පිහිය ගෙන නිරුවත් ඇයගේ උදරය ශල්‍යකර්මයකට භාජනය කරමින් සිටින වෛද්‍යවරයා ඇයගේ විලාපයන් නොතැකුවේය.

        ගලා එන රුධිරය පුලුන් කඩකින් පිසදමනු ලැබුණි. කාන්තාව දහදියෙන් හා රුධිරයෙන් නැහැවී සිටියාය. ඈ වෙනුවෙන් නිර්වින්දක නාස්ති කිරීම අපරාධයක් බව වෛද්‍යවරයා සිතූ නිසා සුදුමැලි ඈ සොටු සෙම් කදුලින් අපවිත්‍ර වු මුහුණ ඇස් අධ කරන ආලෝක ධාරාව දෙස යොමු කරගෙන සිටියාය. ඇයගේ දෑස් විඩාවෙන් අඩක් පියෑවි තිබුණි. ශල්‍යකර්මය අවසන් ව වෛද්‍යවරයා පිටව ගිය පසුත් ශල්‍ය මේසය මත සිරකාරියක වූ ඇය මද වේලාවක් ඉකිබිදිමින් සිට වේදනාකාරී නින්දකට වැටුණාය.

      ඒ ඇය එදිනට ලබන එකම විවේකය විය.

                                                 _♡♡♡♡♡♡♡♡♡♡♡♡_

                " ආය මට අරූට බැරිවුණ පාඩම් කියලා දෙන්න කියන්නෙපා ස' "

    මායාන් නොරිස්සුම් හඩින් පැවසුවේය.

         ආරක්ෂක හිස්වැස්ම පළදිමින් තරුණ පන්තිභාර ගුරුවරයාගේ මෝටර් රියට ගොඩ වූ ඔහු වැඩිමල් තරුණයාගේ උරහිස කෙලවරක අත තැබුවේය.

        මාස තුනක සිට වසත්ගේ නවාතැන්පොළ මායාන්ගේ නිවස විය. පාසලේ විශ්‍රාමික විදුහල්පතිතුමාගේ මුණුබුරා වූ මායාන් කුඩා කළ සිටම සිය නිවසේ නවාතැන් ගත් දුශ්කර සේවයට යොදවා තිබූ ගුරුවරුන්ට හුරුව සිටියේය. ඔහුගේ මව ද පියාද අක්කාද ගුරුවරු වූහ. පියා ඉංග්‍රීසි ගුරුවරයෙකු වූ අතර මව ගණිතය ගුරුවරියක වූවාය. අක්කා ද ඉංග්‍රීසි ගුරුවරියක වූවාය. මව් පියන් වෙනත් පාසල්වල සේවය කළද අක්කා බැද්දවල කණිෂ්ඨ විද්‍යාලයේ ම සේවය කළාය. මායාන් පාසලේ දක්ෂතම සිසුවා බවට පත් වූයේ ඔවුන්ගේ ආභාශය නිසාම විය යුතුය.

සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )Where stories live. Discover now