" කෝ.. ? "
ගුරු ගෙදර සියල්ලන් වත්ත පහළ කෝපි කඩමින් ය. මායාන් වැලි මිදුලේ අඹ ගහ යට ලෑලි බංකුව මත පොත දමා දුව විත් ගේට්ටුවෙන් ඇතුලු වූ ගුරුතුමාට අත පෑවේය.
" මොකද්ද? " වසත්හිරු වික්ශිප්ත විය.
නොදැන සිටීම ගැන මායාන්ගේ තොල් නොපිට පෙරලුනත් ඔහු නැවත දෙපා මත දැගලුවේ සිනාසෙමිනි.
" ...... අම්මා එවන සැන්ඩ්විචස්! "
වසත් ට මතක් වුයේ දැන් ය. බස් රථවල එන ගමන අතරතුර කෑමට අම්මා නොවරදවා ඔතා දෙන සැන්ඩ්විච් පාන් පාර්සලය ඔහු කිසිදාක අනුභව නොකරන්නේය. හෝටලයකට ගොඩ වී සාමාන්‍ය මිනිසුන් මෙන් තේ කෝප්පයක් සමඟ යමක් බඩට දමාගන්නට ඔහුට තහනම් නියෝග පැනවී තිබුණ ද ඒවා උල්ලංඝනය කළ බවට මවට කිසිදාක හෙලි නොවන හෙයින් ඔහු සැන්ඩ්විච් පාන් පාර්සලය ගෙනැවිත් මායාන්ට දීම දැන් පුරුද්දක් කරගෙන තිබුණේය.
" ආහ්... " බෑගය උරහිසෙන් අතට ගෙන හාන්සි පුටුවට විසි කරගෙන ඔහු එහා පුටුවේ හිදගෙන සපත්තු ගැලෙව්වේය. මායාන් අතරමං සුනඛ පැටවෙකු සේ ඔහු පසුපස ආවේය. " මොකද.. ? "
" සැන්ඩ්විචස්? " ඔහු සතුටින් අත පාගෙන සිටියේය. ඔහුගේ මුහුණේ ඇති සතුට වසත්හිරු කෝප ගැන්වූවේය. කිසිත් නොවූ විරූ අයුරින් ඔහු හැසිරීම ඔහුට ගෙනවේ කෝපයකි.
" එන ගමන් බල්ලෙකුට දාගෙන ආවා.. "
" ........... " මායාන්ගේ සිනහව කෙමෙන් අතුරුදන් විය. පාගෙන සිටි අත ද පාත් වුණි. මායාන්ට වඩා රිදුණේ වසත් ට ය.
" පිලුණු වෙන්න වගේ ඇවිත් තිබුණා.. උදේ පාන්දර හදපුවනෙ.. " ඔහු එකතු කළේය..
" ආ. අම්මගෙ යාලුවෙක් රට ඉදන් ඇවිත්. තමුසෙට දෙන්න කියලා එව්වෙ අම්මා.. " බෑගය තුල සොයා පිටතට ගත් චොකලට් හා රසකැවිලි පාර්සලය වසත් මායාන් වෙත දිගු කළේය.
මායාන් ඒ දෙස බලා සිටියේය. එය බාර නොගෙන ම නැවත එල්ලෙන ලෑලි බංකුව් වෙත ගියේය.
YOU ARE READING
සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )
Science Fictionමේක චැලේන්ජ් එකක්... ඉවසීමක් තියෙන කෙනෙකුට විතරක් ම රසවිඳින්න පුළුවන් වෙයි කියල හිතනවා මම.. ඉවසීමක් නැත්තම් අත නොතියන තරමට හොද පොතක් 🤍 Science fiction / Romance ************* " .............. ඉතින් සත්තුන්ගෙ පඩි හැලෙන එකට මං මක්කරන්නද? " " උ...