- 17 -

436 66 39
                                    

        " මට හිතෙන්නෙ සීයලා කියන කතාව ඇත්ත.. "

    නෙලුම් වැවට බැස ඇගපත සෝදාගනිමින් සිටියේය. ගල්තලාව මත හිදගත් අසිපත් හා ඒශ්වර් ඈත පෙනෙන හිරු අවර යන දසුන දෙස බලාගත් වන කල්පනා ලෝකවල අතරමං ව සිටියහ.

       " නෙලුම්ට පෙරේත ආත්මයක් වැහිලද කොහෙද තමා.. "

" පිස්සු. " අසිපත් ආයාසයෙන් සිනාසුනේය. " සීයලගෙ මනස්ගාත බං ඕවා. "

    " එහෙනං ඇයි නෙලුම් අම්මගෙ ඇදුම කපලා තියෙන්නෙ? ඇයි මේ වලව්වටම දුවගෙන ඇවිත් ලේ පෙරාගෙන ඒක අස්සෙ වැටිලා හිටියෙ? අම්මා ගැහුවා.. ඒත් මෙච්චර ලේ එන්න ගැහුවෙ නෑනෙ. අනික එයා ලගින් අමුතු ගදක් ආවා.. මට හිතෙන්නෙ නම් සීයලා කියන කතාවෙ ඇත්තක් නැති වෙන්න බෑ.. "

     " ගද? මොන ගදක්ද බං? ඒ ගෙදර මොකක් හරි මීයො ගෙනත් දාල කුනුවෙච්ච දෙයක් හරි.. සතෙක්ගෙ මළකුණක් හරි තියෙන්න ඇති. මොකද උබ නෙලුම්ව ඉම්බද? "

    " නෑ ඒ ගද ආවෙ නෙලුම් ලගින්. මොකද්ද කියලා හිතාගන්න බෑ. මීයෙක් මැරුණම එන ගද මං දන්නවනෙ. ඒක ඒ වගේ ගදක් නෙවෙයි. මට හිතන්නෙ පෙරේත ගදක්.. "

    " ඔය පිස්සු කියවලා අර කොල්ලව බය කරන්නෙ එහෙම නෑ. වලව්වෙ හැටි දැක්කනෙ? ඌ වාඩිවෙලා ඉද්දි ඇදුම්වල මොනාහරි ගෑවෙන්න ඇති. "

     " මං කියන්නෑ.. "

      වැවට බසින්නට පෙර උනා සෝදා ගල් තලාවේ වැනූ පාසල් නිල ඇදුම්වල ලේ පැල්ලම් සබන් යොදා සේදූ තරම් ඉවත්ව ගොස් නොතිබුණි. එහෙත් යම් තාක් ඉවත්ව ගොස් තිබුණි. ගල් තලාව පිටුපසට වසන් වී නෙලුම් ඇදුම් මාරු කරගත්තේය. තෙත ඇදුම් තුල වෙව්ලමින් ඔහු තරුණයන් දෙදෙනා අසලට ආවේ ය. ඔවුහු ගල්තලාව මතින් නැගිට්ටහ.

      " අවුලක් නෑනෙ නෙලුම්? "

" ගෙදර යන්න බෑ.. " ඔහුගේ දෑස් ඉදිමී තිබුණි. සීතල සුලං වැදී ගත වෙව්ලුවේය.

     " උබට ආයෙත් ගහන්න මං ඒ ගෑනිට ඉඩ තියන්නෑ. ගෙදර නොගියොත් අර වයසක මිනිස්සු බය වෙයිනෙ නෙලුම්.. " අසිපත් ලාබාල කොල්ලාගේ හිසකේ ඇවිස්සුවේය.

සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )Where stories live. Discover now