- 46 -

424 63 16
                                    

      " .... සයින් කරපං! "

" මොකද්ද?! "

    දෑස් තදින් පියාගත් වසත් ගැඹුරින් හුස්මක් ගත්තේය. මීලඟට ඔහුගේ මුවින් පිටවන වදන්වලට ආපසු හැරීමක් නැති බව ඔහු පිලිගත්තේය. කිසිසේත් නිවැරදි ලෙස නොදැනුනත් මෙය නිවැරදි තීරණය වේවා යි ඔහු නැවත වරක් පැතුවේය. " මං තමුසෙට කැමැත්ත දෙනවනං- "

     " මොකක්?! " මායාන් දෙපා මතට පැන්නේ ඊගහක වේගයෙනි. ඔහුගේ හදවත පුපුරන තරම් විය. ඔහු උමතුවෙන් නිසා මනස්ගාත ඇසෙනවාද? ඔහුට විශ්වාස කළ නොහැකි වූයේ එයයි.

        ඔහුගේ උරහිස්වලින් අල්ලා නිසල කළ වසත් ඔහුට රැව්වේය. කන් දක්වා දික් වූ කට ඔහුට නුරුස්නා හැඟුමක් ගෙනාවේය. " කියනකල් කට පියාගෙන අහගන්නවා.. "

     මායාන්ගේ හිස වේගයෙන් ඉහළ පහළ ගියේය. ගිනි ගොඩක් මතට පිනි රැසක් ඉස්සාක් මෙන් හදවත නිවෙමින් තිබුණි. වසත් පවසන ඕනෑම දේකට සවන් අවනත කිරීමට ඔහු සූදානම් ය.

      " අද හෙට නෙවෙයි. තමුසෙ ඉගෙනගෙන ඉවර වෙලා, කැම්පස් ගිහින්, ජොබ් එකකුත් කරන කාලෙක, සමහර විට තමුසෙගෙ ඔය පිස්සු ආශාව ඉශ්ට වෙයි. එතකල් හිතේ තියෙන ඒවා හිතේම තියාගන්න ඕන. බොරුවට දගලන්න බෑ. කියන දේ අහන්න ඕන. නාස්ති වෙන්න බෑ. තමුසෙ පොඩිම හරි වැරැද්දක් කරලා මගෙ හිත රිද්දන්න හැදුවොත් ඒක තමයි මේ කන්ට්‍රැක්ට් එකේ අවසානෙ. ඕක හොදට කියවලා සයින් කරනවා. ඊටපස්සෙ ඕන මගුලක් නටාගන්නවා මගෙ ඔලුව කන්නැතුව. දැන් අරන් යනවා.. මගෙ ඇස් දෙකට පේන්න ඉන්න එපා විරිත්තගෙන. "

      " ඒ කිව්වෙ ඔයා මට කැමතියි කියලද? "

" නෑ. මං.වෙන එකෙකුට කැමති නොවී තමුසෙ ලොකු වෙනකල් ඉන්නං කියලා කිව්වෙ. කනේ වංගුද? "

     මායාන් ඉකිගසමින් වසත්ගේ ගෙලේ එල්ලී ඔහු තුරුල් කරගත්තේය. " ඒ කිව්වෙ මං ඔයාට ආදරේ කරාට කමන්නෑ කියලද මගෙ අයියෙ..? "

    " ස'.. මං තමුසෙගෙ ස' මායාන්. "

     " හරි.. ඔයා ස' නෙ.. "

සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )Wo Geschichten leben. Entdecke jetzt