පහළොස්වන හිමිවීම 💙

1K 155 44
                                    

එක පාරටම නොසිතූ විදියට කම්මුල පුරා වැදුණු අතුල් පාරින් දණගහගෙන උන්නු තරුණයා බිමටම ඇද වැටුණා.... මලකඩ රසක් කට කොණකට දැණුනු නමුත් ඔහුට ඒ ගැන නිනව්වක් නැති වුණේ දැනටම ඇස් දෙක නිලංකාර වී ක්ලාන්ත ගතියක් දැනෙන නිසාමයි......

"Get Up You Slut ...."

අතුල් පහරේ සැරට බිම වැටුණු තරුණයාගේ හිස කෙස් ඇහුරකින් ඇදලා ආයෙ නැගිට්ටවපු මහිත් ඔහුගේ මූණට ළං වුණේ නිහඬ.... වියරු හිනාවක් එක්ක......

ක්ලාන්ත ගතියත් එක්ක සිහියත් අවසිහියත් අතර දෝලනය වෙමින් හිටපු තරුණයාට මහිත්ගේ වියරු හිනාව දැක්කම  එක මොහොතකට මෙතනින් නැගිටලා දුවන්න සිතුවිල්ලක් හිතට ආවත්......... ලැබෙන කහ පාට කොළ වලින් කරන්න තියෙන යුතුකම් කන්දරාව මතක් වුණාම ඒ සිතුවිල්ල එහෙමම හුළඟේ ගහගෙන ගියා..... 

ගොඩක් වෙලාවට මේ ගෙන්දගම් පොළොවේ හුස්ම අල්ලන රෑ සමනලියන්ගේ..... සමනළුන් බහුතරයකගේ ඇත්තම කතාව අපි හිතනවටත් වඩා වේදනාත්මකයි...... අම්මගේ බෙහෙත් තුණ්ඩුව ගන්න..... නංගිව පාසල් යවන්න..... මල්ලිට රට යන්න සල්ලි එකතු කරන්න..... තාත්තා මැරෙණකොට එකතු කරපු ණය කන්ද ගෙවන්න..... සින්න වෙන්න යන කුඹුර... ගෙදර බේරගන්න.....
සල්ලි හම්බ කරන්න පුලුවන් ලේසිම විදිය කියලා උන් මේ ජීවිතේ තෝරගන්නවා ඇති......

සෑහෙන තරම් දුර කල්පනාවකට හිත ගියපු තරුණයා සිද්ධ වෙන ඕනිම දේකට මූණ දෙන්න බලාගෙන බර සුසුමක් හෙළුවේ......... තමන්ගේ ඉදිරියේ ඉන්න මේ වියරු වැටුණු තරුණයා දිහා තමන්ගේ සරාගීම බැල්මෙන් බලමින්.....

තරුණයාගේ ළා රෝස පාට යටි තොලේ කොණකින් මතුවුණු ලේ බිංදු කීපය මහපට ඇඟිල්ලෙන් පිහදාපු මහිත් ඔහුගේ අල්ලගත්තු හිස කෙස් අහුර පිටින්ම ඇදගෙන වගේ ඇවිත් ඇඳට වීසි කලේ..... හීන් කෙඳිරියක් ඔහුගෙන් නැගෙද්දි.....

දැනෙන වේදනාවන් එක්ක කෙඳිරියකට වඩා යමක්.... හයියෙන් අඬන්න තරම් උවමනාවක් තිබුණත්.... කඳුළු තමන්‍ට අකැපයි කියලා විශ්වාස කරපු තරුණයා තද කරන් හිටපු සුසුම බිමින් තිබ්බේ අද රාත්‍රිය නම් ලේසි වෙන එකක් නෑ කියලා තමන්ටම  මුමුණ ගමින්......

හිමි අහිමි 💙 Completed ✔Donde viven las historias. Descúbrelo ahora