දහසයවන හිමිවීම 💙

1K 168 28
                                    

හැම බේබදු රෑකටම පස්සේ දවසේ එන සුපුරුදු ඔලුවේ කැක්කුම අද නම් ටිකක් වැඩියි වගේ මහිත්ට දැණුනා..... ඇස් දෙක නෑරම ඇඟිලි තුඩු වලින් ඔලුව පොඩි කරගත්තු මහිත් ඇඳේ අනික් පැත්තට හැරුණේ තව ටිකක් නිදාගන්න වුණත් අතේ වැදුණු දැඩි යමක් නිසා මහිත් ඇස් දෙක හෙමින් ඇරලා බැලුවා.....

ඔලුවක්!!!!!!

ඇස් දෙක තව පාරක් පොඩි කරගත්තු මහිත් ආයෙම බලද්දි සුදු පාට ඝනකම් බෙඩ්ශීට් එකෙන් මතුවෙලා තිබුණු ඔලුව දඟලන්න වුණා.... දඟලලා නින්දෙන්ම මහිත්ගේ දිහාවට හැරුණු ඔලුවේ ඇස් දෙකක්.... නහය .... කට එක්කම.... දෙබරු විද්ද ගාණට ඉදිමුණු කම්මුල් දෙකකුත් තියෙනවා කියලා මහිත් දැක්කා......

තවමත් නින්දේම ඉන්න තරුණයාගේ බෙල්ල වෙනකම් වැහිලා තිබුණු බෙඩ්ශීට් එක හෙමින් සීරුවේ පහත් කළේ තමන් ගැනම ආව අවිශ්වාසෙකින්......

"ආර්හ්....... ශිට්... ශිට්...."

ඇඟේ නූල් පටක්වත් නැතුව නිදාගෙන උන්නු තරුණයාගේ කිරි පාට පිට පුරාම තිබුණේ රත ගැහිලා ලේ පුරලා තිබුණු බෙල්ට් පාරවල් කියලා දැක්ක මහිත්ට එතනින් එහාට බලන්න ඕන වුණේ නැත්තේ ඒක ඊටත් වඩා නරක තත්වයක් කියලා සීයට දාහක් විශ්වාස නිසාමයි.....

හිසකෙස් අත් දෙකෙන් දෙපැත්තට ඇදගෙන උගුරෙන් හඬක් නගපු මහිත් කාමරේ පුරාම ඇස් දෙක කැරකෙව්වේ ඊයේ රෑ තමන්ගේ හපන්කම් එකින් එක මතක් වෙද්දි ......

කාමරේ පුරා විසිරුණු ඉරුණු ඇඳුම් පැලඳුම්..... හිස් බියර් බෝතල්.... ඇඳ පාමුල තිබුණු ලේ පැල්ලම් සහිත තමන්ගේ ඉණ පටිය (Belt) දකිද්දි , මොන තරම් බිව්වත් කවදාවත් මේ තරම් සිහි විකල් විදියට වැඩ කරලා නැති තමන් මේ තරම් විකෘතිකයෙක් වගේ හැසිරුණ හැටි මතක් වෙනකොට මහිත්ට තමන් ගැනම අප්‍රසාදයක් , පිළිකුළක්  ඇතිවෙන්න ගත්තා......

හවස ඇතිවුණු සිද්ධියෙන් ඇති වුණු තරහා.... පීඩනය පිට කරගන්න විදියක් නැතුව ඉද්දි බලෙන්ම වගේ ඇවිත් ඇඟේ එල්ලුණු තරුණයාගෙන් ඇති තරම් ඒ පීඩනය පිටකරගත්තු එක ගැන මහිත්ට පසුතැවිල්ලක් වගේම මේ තරුණයා ගැන අනුකම්පාවකුත් මෝදු වුණා...

හිමි අහිමි 💙 Completed ✔Donde viven las historias. Descúbrelo ahora