විසි පස්වන හිමිවීම 💙

1K 156 31
                                    

Brr...... Brr.....

දුරකතනය වයිබ්‍රේට් වෙන සද්දෙට මහිත් ඇස් දෙක නෑරම ඇඳ අත පත ගාන්න ගත්තේ දුරකතනය හොයාගන්න...... අන්තිමේදී බිත්තිය පැත්තට වෙන්න ඇඳේ කෙළවරක තිබුණු දුරකතනය හොයාගත්ත මහිත් ඇමතුමට සම්බන්ධ වුණේ ඇස් දෙක විවෘත නොකරමයි......

"හෙ..ලෝව්......"

"සුදු අයියේ....... "

"සනූ...... කොහෙද ඕයි මෙච්චර දවසක් හිටියේ..... කෝල් එකක්වත් ගන්න තිබ්බේ නැද්ද උඹට....."

දුරකතන ඇමතුමේ එහා කෙළවරින් ඇහුණු සනුත්ගේ කටහඬ අඳුනගත්තු පමාවට මෙච්චර වෙලාම තිබුණු ධාරානිපාත නිදිමත එළවලා දාපු මහිත් ඔලුව උස්සලා කෙලින් වුණේ සනුත්ට දෝශාරෝපණ වැස්සක් එල්ල කරන ගමන්.......

"පොඩ්ඩක් කතා කරන්න දෙන්නකෝ අප්පා.... ගත්ත ගමන් ඇඟට කඩන් පනින්නේ......."

"...................................."

"මාමා ෆෝන් එක තියාගත්තා..... එක්සෑම් ඉවර උනාම දෙන්නම් කියලා..... ඉතින්  ඊයෙ රෑ දුන්නේ මට.....  ඇහෙනවද.... "

මහිත්ගේ නිහඬතාවය නිසාම ආයෙම සනුත් එහෙම කිව්වා....

"හ්ම්ම්ම්..... ඉතින් එහෙනම් ඊයේ රෑම ගන්න තිබ්බානේ.... මොකටද උදේ වෙනකම් හිටියේ....."

"සල්ලි තිබ්බේ නෑ..... දැන් කාඩ් එකක් දාන් ආවේ....."

"හ්ම්ම්ම්ම්ම්......"

"ඉතින්.... කොහොමද එක්සෑම්..... ගොඩ නේ..... "

"අවුලක් නෑ.... ලිව්වා ...."

"ඇයි ඇයි දැන්..... ඕනවට එපාවට.....වගේ කතා කරන්නේ...."

මහිත්ගේ වචනෙන් දෙකෙන් උත්තර දෙන කතා විලාසයේ වෙනසක් තේරුණු නිසා සනුත් එහෙම ඇහුවේ නොසලකා හැරීමක් වගේ හැඟීමක් නිසා හිත රිදුණු නිසායි.....

"එහෙම එකක් නෑ බං... නිදාගෙන හිටියේ......"

"මෙච්චර දවල් වෙනකම්....."

"හ්ම්ම්ම්...... වෙන කරන්න දේකුත් නෑනේ....."

"මේ........ මාමා කතා කළාද ඔයාට....."

හිමි අහිමි 💙 Completed ✔Where stories live. Discover now