විසි හත්වන හිමිවීම 💙

922 149 25
                                    

දවසින් දවස කාලය ගතවෙලා මාසයක් විතර යද්දි මහිත් ව්‍යාපාරයේ වැඩ කටයුතු වලට ටිකෙන් ටික හුරු වෙන්න ගත්තා..... නමුත් ඉස්සර වගේ සැහැල්ලුවෙන් දවස ගත කරන්න නම් මහිත්ට අවස්තාවක් නැති වුණේ කාර්‍යාලයේ වැඩත් එක්ක දවසට පැය විසි හතරක් මදියි කියලා දැනෙද්දි......

අනාගත අයිතිකාරයා විදියට මහිත්ට අනාගත ව්‍යාපාරය බාරදෙන්න ඕන නිසාම පර්සි රේමන්ඩ් මේ වෙනකොට තමන්ට අදාල රාජකාරි වලින් සියයට පනහකට කිට්ටුව මහිත්ට පවරලා තිබුණේ පිටිපස්සෙන් ඉඳන් ඒවා අධීක්ෂණය කරන ගමන්.....

සනුත් ගමේ ඉඳන් ආව මුල්ම දවසේ ගියාට පස්සේ තවම සනුත් එක්ක හරියට කාලය ගත කරන්න අවස්ථාවක් මහිත්ට ලැබුණේ නෑ..... දවස් කීපයක්ම වැඩ ඉවර වෙලා ඔෆිස් එකේ ඉඳන් කෙලින්ම දුවගෙන සනුත්ගේ ඇනෙක්සියට ආවත්.... ඒ හැම දවසකම වගේ..... මොකාක්ම හරි හේතුවකට පැයකට වඩා නම් මහිත්ට ඉන්න බැරි වුණා........

සනුත් නම් මේ ගැන හිටියේ හිතේ අමාරුවෙන්...... විභාගේ ඉවර වුණු සැණින් අනික් පැත්තට කොළඹ එන්න ලොකුම හේතුව වුණේ මහිත්ව දකින්න තිබුණු උවමනාව කියලා කාටවත් නොකිව්වට සනුත්ගේ හිත දන්නවා.....

දොස් කියන්නේ කොහොමද.... මොන මනුස්සයද අකමැති තමන් ආදරය කරන කෙනාව නිතර දෙවේලේ දකින්න..... ළඟින් ඉඳන්.....ආදර වචන මුමුණන්න..... ඉඳහිට ආදරේ වෑහෙන හාදුවක රස බලන්න..... පෘතග්ජන හැම මනුස්සයෙක්ම ඒ වගේ දේවල් වලට පුදුම විදියට ලැදියිනේ.....

සනුත් කියලත් කොහොමද එහෙම නොවී ඉන්නේ..... ආදරේ කියන්න කලින් කාලේ නිතර දෙවේලේ තමන්ගේ අස්සෙම රැඳුණු මනුස්සයා.... දැන් නිතර දෙවේලේ දකින්නවත් නෑ.... හාවා හඳ දකින්නා වාගේ ආවත්.... මොකක් හරි කෝල් එකක් ආව ගමන්.... පැයක් හමාරක් යන්නත් කලින් ආයෙම හැරිලා යන්න යනවා.......

ඊයෙත් එහෙමයි..... ඇවිල්ලා ශර්ට් එකේ බොත්තම් ටික පන්නගන්නවත් හම්බුනේ නෑ මහිත්ට දුරකතන ඇමතුමක් එද්දි...... තේ එකක් හදන්න සනුත් කුස්සියට ගිය ටිකට දුරකතනය කනේ ගහගෙනම ආයේ බොත්තම් ටික පියවගත්තු මහිත් කාර් එක ස්ටාට් කරගෙන යන සද්දෙට සනුත් මිදුලට එද්දිත් මහිත් ගිහින් ඉවරයි......

හිමි අහිමි 💙 Completed ✔Where stories live. Discover now