විසි අටවන හිමිවීම 💙

1.1K 162 67
                                    

"බබා කැරට් ගානවද.... කපනවද....."

"පොඩි කොටු කපන්න....."

ඕනම ගෙදරක රණ්ඩු සරුවල් බත් මුට්ටිය ඉදෙනකම් විතරයි කියනවනේ..... හැබැයි මේ ගෙදර නම් බත් ඉදෙන්නත් කලින්ම තරහා මරහා නිවිලා ගියේ අසුරු සැණින්.......

මීට ටික වෙලාවකට කලින් පුපුරන්න ඔන්න මෙන්න තිබ්බ කාල බෝම්බයක් හාද්දකින් නිෂ්ක්‍රීය කරපු මහිත් මේ කුස්සියට වෙලා කැරට් කපන්න උත්සාහ කරන්නේ පවුලේ සමඟිය රැකගන්න ඕන නිසා මිසක් කකුල් දෙකත් උඩට දාගෙන මුහුණු පොතේ උඩ පල්ලෙහ යනවට වඩා විනෝදයක්  කැරට් කැපිල්ලෙන්  ලැබෙනවට එහෙම නෙවෙයි.....

"මේ ගාණට....."

"ඔච්චර ලොකුවට නෙවේ අනේ..... ඒ මං දන්නෑ..... ෆ්‍රයිඩ් රයිස් එකකට එළවළු කපා ගන්න දන්නෑනේ.... එතකන් මහ ලොකු CEO "

"CEO කමයි කැරට් කැපිල්ලෙයි සම්බන්ධෙ මොකද්ද බබා....."

"සම්බන්ධයක් තියෙන්නම ඕනයෑ.... මළ විකාර....  කෝ මෙහාට දෙනවා ඕක.... අර භාජනේ තියෙන ඉස්සෝ ටිකයි දැල්ලෝ ටිකයි වෙන වෙනම හෝදලා ගන්න...."

එළවළු කපන ඩියුටියෙන් ඉස්සෝ දැල්ලෝ හෝදන ඩියුටියට මාරු වුණු මහිත් ලුණු කුඩුත් දෙහි යුෂත් දාලා අතගාල තිබුණු ඉස්සෝ ටික දෙතුන් වතාවක් හොඳට හෝදලා වතුර බේරෙන්න පැත්තකින් තිබ්බා....

ලොකු පැතලි පෝසිලේන් පිඟානක් වටේට කුඩා කොටු කොටු කෑලි වලට කපපු කැරට්.... පොඩි පොඩි කෑලි වලට කපපු ළූණු කොළ....... වතුර ටික පෙරාගත්තු ඉරිඟු ඇට..... ග්‍රීන් පීස් ඇට, හීනිවට චොප් කරගත්තු සුදු ළූණු, ඉඟුරු.... කරපිංචා කොළ කීපයක්... රම්පේ කෑල්ලක් වගේම සේර මුල් කෑල්ලකුත් තලලා තියලා තිබුණා......

තවත් පොඩි දීසියක තලාගත්ත එනසාල් ඇට තුන හතරක් , කරාඹු නැටි දෙක තුනක්, Knorr චිකන් කියුබ් එකක් තියලා තිබුණා වගේම..... සුද්ද කරපු ඉස්සෝ, දැල්ලෝ පොඩි කොටු කෑලි වලට කපලා තවත් භාජනයක තිබුණා....

"අර බත් එක නිවෙන්න ඇරලා පොඩි කරන්න..... මේ භාජන ටික හෝදලා දාන්න...... අයියෝව්... වතුර හලන්න එපා මිනිහෝ..... ඔය සබන් පෙණ හැමතැනම..... අහකට යනවා.... අයින් වෙනවා මංම කරන්නම්...... අර්හ්..... එක වැඩේ දෙක කරනවා.... මෙතන....."

හිමි අහිමි 💙 Completed ✔Where stories live. Discover now