දෙතිස්වන හිමිවීම 💙

895 137 42
                                    

"මේ තියෙන්නේ ෆොටෝස් ටික මිස්..... මම ප්‍රින්ට් කරගෙනම ආවේ....."

"හ්ම්ම්..... තමුසේ කොච්චර දුර ෆලෝ කරාද....."

"ගල්කිස්සේ බීච් එකට යනකම්ම.... ඊට පස්සේ මෑන්ස් අර කොල්ලා එක්ක සෑහෙන්න වෙලා එතන හිටියා..... කළුවර වැටුණු හින්ද මම ආවා....."

"හ්ම්ම්ම්.... කමක් නෑ.... ආ.... පොරොන්දු වුණ ගාන මෙතන තියෙනවා..... ආයේ තමුසෙගෙයි මගෙයි කනෙක්ශන් නෑ..... මට ඕන වුණොත් මම කතා කරන්නම් .... හරිනේ.... ආයේ පාරක දී මගකදී මාව දැක්කත්.... තමුසේ මාව අඳුරන්නේ නෑ.... තේරුණානේ....."

"ඕකේ මිස්.... එහෙනම්... අපි කැපුණා....."

උස මහත මරුමුස් පෙනුමකින් යුතු මනුස්සයෙක් ඒ විදියට මිතුනිට සමු දීලා ගියේ බර කඩදාසි කවරයක් පපුවට ගුලි කරගෙන......

ප්‍රධාන පාර අයිනේ ගහක් යටට වෙන්න කාර් එක නතර කරගෙන හිටපු මිතුනි මීට සුළු මොහොතකට කලින් අර මිනිසා දීලා ගියපු ලියුම් කවරයේ තිබුණු ඡායාරූප එකින් එක පිරික්සලා බලන්න පටන් ගත්තේ කේන්තියටම වෙව්ලන ඇඟිලි තුඩු වලින්......

බැංකුවේ ගේට්ටුව ළඟින් මහිත්ගේ කාර් එකට නගින.... ඊළඟට වෙරළ තීරයක මහිත්ගේ අස්සේ වාඩිවෙලා..... තුරුල් වෙලා ඉන්න.... තරුණයගේ පින්තූර එකින් එක බලපු මිතුනි ඊළඟට සවින්ද එවපු සනුත්ගේ පින්තූරයත් එක්ක සංසන්දනය කලා......

"යූ බ්ලඩි.... ශිට්...."

ඇස් වලින් ගිනි පුපුරු විසිවෙද්දි මිතුනි අතේ තිබුණ ඡායාරූපය මිරිකුණේ කේන්තියටමයි.......

ඌ වගේ මෙලෝ දෙයක් නැති නිකමෙක්ට මගේ දේවල් උදුරගන්න පුලුවන්ද...... හීන තමයි..... තමන්ටම කියාගත්ත මිතුනි සුක්කානමට හිස ගහගෙන ඊළඟට කරන්න ඕන දේ කල්පනා කළා......

...................................................................................

"ගුඩ් මෝනින් අංකල්....."

"ගුඩ් මෝනින් දුව.... මොකද අද මේ උදේ පාන්දරම..... "

පර්සි රේමන්ඩ් හිටියේ පත්තරයක් දිග ඇරගෙන වැරැන්ඩාවේ හාන්සි පුටුවට වෙලා...... උදේ හත වෙන්නත් කලින් ගෙදර දොරකඩ නතරවුණු කාර් එකෙන් බැහැලා ගේ දිහාවට ඇවිදගෙන එන මිතුනිව දැක්කාම පර්සිගේ ඇස් දෙක නළලට ගියා.....

හිමි අහිමි 💙 Completed ✔Where stories live. Discover now