තිස් හතරවන හිමිවීම 💙

849 152 61
                                    

"මිතුනි..... මට හදිසි වැඩකට යන්න ඕන..... මං ඔයාව ටැක්සි එකකට දාන්නද....."

රෙස්ටුරන්ට් එකේ වාහන අංගනයට ඇවිදගෙන එන ගමන් මහිත් තමන්ගේ පිටිපස්සෙන්ම එන මිතුනිට එහෙම කිව්වා....

"අයියෝ මහී.... මම ඔයා එක්ක ආවේ ගෙදර යන්න නෙවේ....."

"එහෙනම්..... කොහේ යන්න බලාගෙනද...... කොහේ උනත් කමක් නෑ..... මම පික් මී එකක් දාලා දෙන්නම්...... කොහෙටද යන්න ඕන....."

එහෙමම දුරකථනය අතට අරගත්ත මහිත් පික් මී එකක් හොයන්න වුණේ මිතුනි වෙනුවෙන්.....

"මහී..... මට තනියම යන්න නෙවේ.... මට ඔයා එක්ක යන්න ඕන.... ඔයාගේ බර්ත්ඩේ එකට මම පොඩි පාටි එකක් රෙඩි කළා..... "

"අපි වෙන වෙලාවක බලමුද මිතුනි.... මට දැන් යන්නම ඕන.... දිස් ඊස් අර්ජන්ට්....."

"මහිත් ප්ලීස් මහිත්...... මම ඔයා වෙනුවෙන් මෙච්චර මහන්සි වෙලා මේ තරම් දෙයක් ලෑස්ති කරද්දි ඇයි ඔයාට එන්න බැරි මාත් එක්ක..... ජස්ට් තර්ටි මිනිට්ස් මහී.....  පැය භාගයක් ඇති... ජස්ට් ලෙට් මී ආස්ක් අංකල්.... මම අංකල්ට කියන්නම් ඔයා වොරි වෙන්නෙපා....."

හොඳින් හරි නරකින් හරි මහිත්ව එක්කගෙන යන්නම වෙර දරන මිතුනි මහිත්ට සමාවක් නොතියාම දුරකතනය අතට ගත්තේ පර්සිට ඇමතුමක් ගන්න බව අඟවන්න.....

"ඕකේ ෆයින්..... ජස්ට් තර්ටි මිනිට්ස් ඕකේ.... කොහෙටද යන්න ඕන...."

"That's Ma Boy..... Flemingo House එකට යමු..... ලව් යූ සෝ මච් බේබ්....."

මිතුනිගේ කරදරය දරාගන්නම බැරිම තැන මහිත් නළලත් රැලි කරගනිමින් කාරෙකට ගොඩ වුණා......

...................................................................................

Baby, I need you 'til the morning
I hear my body calling
So keep the party rocking all night
Baby, oh, we can skip the talking
You know there's only one thing tonight
So won't you come rock my body?

Coming in, coming in, so, so hot
Loving it, loving it, non, non stop
Another round, round
We double down, down
Bittersweet, bittersweet, one more shot
Let me see, let me see what you got
I want it right now

හිමි අහිමි 💙 Completed ✔Where stories live. Discover now