තිස් හයවන හිමිවීම 💙

1K 151 39
                                    

"ම්....මො....මො..න.... ෆියො....න්සේ....ද.... බ්....බබා...."

මහිත්ගේ වචන කැඩුණා.....

"ම....ගේ.... ඇස්.... දෙක... දි...හා.... බ....ල...න්...න... අය්...යේ...."

තමන්ගේ ඇස් මඟ හරින මහිත් දිහා බලපු සනුත් එහෙම කිව්වා......

"කවුරු ගැනද කියන්නේ සනූ..... මොන ෆියොන්ස් ද??... මොන නිදාගත්ත කෙල්ලද........ කියන දෙයක් පැහැදිලිව කියන්න බබා....."

තප්පර ගාණක් ඉවත බලන් උන්න මහිත් හොඳ හුස්මක් පිට කරලා ආයාසයෙන් හිනාවක් මූණට නගා ගනිමින් මහිත් ඇහුවා......

"ඊ.....යෙ..... ර්.....රෑ.... ක්....කො...හෙ....ද.... හ්...හි...ට්....ටි...යේ...  "

"ඊ...යේ.... ආහ්....මේ.... මේ..... ඊයේ... ආඅ..... ඊයේ රෑ බබා ඩැඩී එක්ක මම වැඩකට ගියානේ..... ඊට පස්සේ මේ..... මේ.... මම.... ආපහු ගෙදර ආවා චේන්ජ් කරගෙන මෙහෙ එන්න...... ඒ....එත්.... මේ.... යද්දි.... මේ..... ගෙදර....ඔව් .... ගෙදර .... සප්‍රයිස් පාටි එකක්.... ලෑස්ති කරලා...... තිබුණා..... ඉතින්..... මේ.... මේ.... පොඩ්ඩක් ....... බොන්න..... වුණා...... පොඩ්ඩයි...... පොඩ්ඩක් කිව්වට..... පොඩ්ඩක්  ඒක වැඩි වෙලා......

මම එන්නමයි හිටියේ සූකිරි....මම ඔයාට මැසේජ් එකකුත් දැම්මනේ..... මම තව ටිකකින් එන්න හදන්නේ කියලා ...... ඒ උනාට මං හිතන්නේ....... මට වැඩි වෙලා..... මට මතකයක් නෑ හරියටම වෙච්ච දේ..... ඒත් මම ..... නැගිට්ට ගමන්.... මේ දුවගෙන ආවේ...... මගේ සුදු මැණික බලන්නනේ....... ඉතින්..... ඕකටද මේ උණත් හදාගත්තේ..... ආ .... "

සනුත්ගේ එහා පැත්තෙන් වාඩි වුණ මහිත් අතක් යවලා පරඬැලක් වගේ ඇදිලා ආව  සනුත්ව පපුවට තුරුල් කරගෙන මිරික ගත්තා ........ ඊළඟට සනුත්ගේ ඔලුව උඩින් නිකට තියාගෙන කියන්න ඕන වචනෙන් වචනේ ගෙතුවේ සනුත්ගේ ඇස් දෙක දිහා බලාගෙන කතා කරන්න තරම් හයියක් නැති නිසයි......

මේ මොහොතේදි සනුත්ව සන්සුන් කරගන්නයි මහිත්ට ඕන වුණේ..... ඒ විතරක් නම් නෙවේ..... සනුත්ව නැති කරගන්න මහිත්ට ඕන වුනේ නෑ....... ඒත්...... මිතුනි..... මගේ අතින් මිතුනිට වුණ වැරැද්ද....... මිතුනිව මතක් වෙද්දි මහිත්ට දැණුනේ බෙල්ල හිරකරනවා වගේ හැඟීමක්..... ඒ හඟීමත් එක්ක මහිත් තව තවත් සනුත්ව තමන්ගේ පපුව මැද්දට හිර කරගත්තා.......

හිමි අහිමි 💙 Completed ✔Where stories live. Discover now