හතලිස් තුන්වන හිමිවීම 💙

1.2K 174 76
                                    

මරණයේ වැඩ කටයුතු වලින් දින කිහිපයකට පස්සේ අම්මාගේ මතක බණත්..... මතක දානයත් ඉවර වුණාට පස්සේ සනුත් ආයෙම කොළඹ එන්න සූදානම් වුණා.......

"අපි ගිහින් එන්නම් අම්මේ......"

"තුණුරුවන්ගේ සරණයි මගේ පැටියට..... පරිස්සමට ඉන්න ඕන..... අත්තම්මට කතා කරන්න හොඳද......"

නිහඬවම තමන්ගේ දෙපා වන්දනය කරපු සනුත්ගේ හිස සිඹිමින් නන්දනී කිව්වම සනුත් නිහඬවම හිස වැනුවා.....

සනුත් තවමත් සම්පූර්ණයෙන්ම යතා තත්වයට පත් වෙලා හිටියේ නැතත් තව දුරටත් නිවාඩු ගන්න එකේ තේරුමක් නැති නිසාම ආපහු කොළඹ යන්න සනුත් තීරණය කළේ සීමාවාසික සේවා කාළයේ තව ඉතුරු වෙලා තියෙන්නේ බොහොම පොඩි කාලයක් නිසාමයි.......

නමුත් සනුත් ආයෙම කොළඹ යන එක ගැන නිරෝධ අකමැති වුණත්.....එක අතකින් සනුත් ගමට වෙලා හිටියොත් කල්පනා කරලම මොනවා හරි වෙයි කියලා හිතුන නිසාම නිරෝධ තමන්ගේ අකමැත්ත සනුත්ට ඇඟෙව්වේ නෑ....... හැබැයි ඒ වගේම සනුත්ට තනිවම කොළඹ යන්න ඉඩ දුන්නෙත් නැතුව සනුත්ව ඇරලවලා දවස් දෙක තුනක් සනුත් එක්කම ඉන්නයි නිරෝධ කල්පනා කළේ.......

කොච්චර හිත සැහැල්ලුවෙන් ඉන්නවා කියලා පිටතින් පෙන්නුවත් සනුත් පොඩ්ඩක් තනි වුණ ගමන් ආයෙම කල්පනා ලෝකේට වැටෙනවා කියලා නිරෝධට ඉර හඳ වගේ විශ්වාසයි...... ඔහේ කල්පනා කර කර ඉඳලා ම විහින් ලෙඩ වෙන්න අම්මා වගේම පුතත් දක්ෂයි කියලා නිරෝධ දන්නවා......

"අම්මගෙම පුතානේ.....හ්ම්ම්ම්....."

සොයුරිය සිහිවීමෙන් ආයෙම අළුත් වුණ තුවාලය නිසාම ඇස් කඳුළින් බොඳ වෙද්දි නිරෝධ සුසුමක් හෙළමින් සනුත්ගේ ගමන් මල්ල අතට ගත්තා.......

..............................................................................................

"සුදු මහත්තයා......"

"....................."

"සුද්දෝ..... පුතේ......"

".......ආහ්...... "

බස් රථය හා තරඟයට වගේ ආපස්සට දුවන ගහ කොළ දිහා හිස් බැල්මකින් බලාගෙන උන්න සනුත්ට  කීප වතාවක්ම කතා කරලත් ප්‍රතිචාරයක් නොවුණ තැන නිරෝධ සනුත්ගේ උරහිසකින් අල්ලලා සෙලෙව්වා.......

හිමි අහිමි 💙 Completed ✔Where stories live. Discover now