❄️03☃️

1.5K 351 370
                                    

මට නින්ද ගියා...නින්ද ගියා කියන්නෙ මගෙ කටත් ඇරුනා........කටත් ඇරන් නින්ද ගියාද මගෙ පන ගියාද කියන්නවත් මට තේරුමක් නෑ..........ඒ තරම් මගෙ නින්ද........

හැබැයි නින්දෙත් හොදම හරියෙ උන්න මගෙ  නින්ද මොකෙක් හරි කෑවා....කෑව කියන්නෙ මාව අනිත් අතට වීසි උනා.....

ඒ...එහ්.........බෙල්ල යකො.....ය්...යකො....නෙවෙ...බෙල්ල......
ම්හුක්...බා....ප්..පේ....හ්හ්....

".....වද දෙනවා..."

මගෙ හුස්ම හිර උනා..බය උන පාරට පපුව ගැලවෙන්න ආවා........නපුරුම නපුරු පාට ඇස් දෙකක් ...සීතලත් උනුහුමත් එකට මුහු උන නපුරු මූනක්.....

වෙන කව්ද.....අයිඩලයා.....දෙවියන්ට ඔප්පු වෙන්න මට නින්ද ගිහින් තිබුන් අයිඩලයගෙ උරහිස උඩ....ඒකව පුපුරනවා.....උරහිස පිහ පිහ මැරෙන්ඩ හදනවා....මං හිතන්නෙ කටත් ඇරන් නින්ද ගිහින් මදිවට මං ඒකගෙ උරහිස උඩ කුනුකෙල හලලද කොහෙද ...ඒ මොන මගුල උනත් ඔහොම තල්ලු කරනවද.......තල්ලු කරපු පාරට බෙල්ලෙ නහරයක් වත් ඇඹරිලා ගියොත් මට තවත් සතියක් සිහිය නැතිවෙනවා...අයිඩලයව රටක් වටිනවා උනත්  අපෙ අම්මා කෝටු මස් කරනවා.............

වාහනේ ආයමත් නවත්තලා....ආයමත් බාප්පා නෑ..මූ මාව  කුනු මාලුවා වගේ වීසි කරලා තියෙන්නෙ බාප්පා නැති හන්දා..........නැත්තන් ඔහොම කරන්නෙ නෑ...ඒකයි මේ...ඒ මොනවා උනත් අඩේ බෙල්ලට මොකක් හරි උනා නම්...පිස්සෙක්නෙ මහ....ඇයි වදේ....කටත් එක්ක මොකක්ද උනා....ඇදල අරින්න හිතයි සත පට සත්ත පඩි වෙන්න......

ම්හුක්...

හිත යටින් අසූ හාරදහට බැන බැන මං කෙදිරි ගෑවා...එකක් මගෙ නින්ද කැඩුනා...අනික මගෙ බෙල්ල කැඩුනද මන්දා......

මේ ඔක්කොම තියාගන අයිඩලයා  රවනවා.....!

රවනවා...පිහනවා ඉවරයක් නෑ.....තනිකරම ඉටිපන්දම් හදුන් කූරුවලින් හැදුන එකෙක්ද මන්දා.......පුංචි කැලේ කාටුන් එකෙ අර සුදු ඌරා වගේ.....ඌත් පුදුම පිරිසිදු කමක් තියන ඌරෙක්නෙ...අයිඩලයත් ඒ වගේ........ඇරපු අතක් නෑ....අපරාදෙ  කන් දෙකට බබී හාවගෙ වගේ රිබන් දෙකකුත් ගැට ගැහුවා නම් හරි.......නම දාන්න තිබ්බෙ ඈන්ජලො නෙස්ටෝරි කියලා නෙවෙ බබී නෙස්ටෝරි කියලා....

❄️❄️☃️ WAYFARER ❄️❄️(slw Update )Where stories live. Discover now