❄️04☃️

1.4K 334 462
                                    

ප්‍රනීතයි......ඒ මොන කුනු හර්පයක්ද මේ මෝගන් කාරයා කිව්වෙ......ඒකගෙ නම මෝගන්ලු...අනේ මන්දා ...මගෙ වයසෙ වැරද්දදෝ මට නමක් කිව්වොත් ඒක අනිත් අතටමනෙ කියන්න හිතෙන්නෙ....

ම්හුක්....අනේ බාප්පෙ....කොල්ලට කට පාලනෙ නෑනෙ.........නම මෝගන් කිව්වට මට ඒකගෙ මූන දිහා බලාගන ආගන් කියන්න හිතෙනවනෙ......

.ආගනුත්  හොදයි...ඕගනුත් හොදයි.......බෑබෑ ආගන් කිව්වොත් මෙතනට බෙරලින් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඊස්ට්‍රජන් ප්‍රෙජෙස්ටරෝන් ටෙටොස්ට්රෝන් ඇමිබා ප්‍රොටොසෝවා නයිම්පියා ස්ටෙලාටා...අයිපෝමියා බටටා ඔය ඔක්කොම එයි.....ඊට වඩා ලේසි ක්‍රීම්පාට හාදයට  ඕගන් කිව්වා නම්.....

ජේකබ් ඕගන්ලු......

මං තත්පර ගානක් මට ක්‍රීම් පාටයි කිව්ව මදිවට ප්‍රනීත සුවදයි කියපු මෑන් දිහා බලාගන ඉදලා හිනාවක් නොවන විරිත්තිලක් දුන්නා.........

ඉතින්....මං දැන් මගෙ නම කිව්වා...එතකොට ඔයා කව්ද කියන එක මට කියන්නෙ නැද්ද ?

ඔයාට මං කව්ද කියන එක වැදගත්ද.......

අනිවාර්යයෙන්ම ........අපිට මූනට මුනගැහෙන්නෙ කව්ද...අනිවාර්යයෙන්ම එයා වැදගත්...නැත්තන් කොහොමද ආයම දවසක හම්බ උනත් අපි කතා බහ කරන්නෙ......සමාගමක් පටන් ගන්න නම් අපි අදුනන් ඉන්න එපැයිනෙ.....

මං ආයම කල්පනා කෙරුවා .....සමාගමක් පටන් ගන්න නම් අදුනන් ඉන්න එපැයි කියන්නෙ..මොකක්ද දන්නෙ නෑ සමාගම...හවුල්  ව්‍යාපාරයක්ද දන්නෙ නෑ.........ඉතින් අනෙ අපි මෙතනට ආවෙ සමාගම් දාන්න නෙවෙනෙ....

මූ මට සැකයි....මූ මට සැකයි...බාප්පෙ....ඕගන් කාරයව තාර පැටියට සැකයි...මූ සමාගම් ගානක් දෙන්ඩවත් යනවතෝ...අනේ ගනනුත් බෑ අමාරුයිනෙ.............

මං ඉක්මනට මගෙ මූන අහකට හැරෙව්වා...මූන විතරක් නම් බැරියෑ.......මගෙ සර්වාංගෙම......ඕගන් කාරයා කියපු ටිකම ආපහු මටම රිපීට්  කරන් මොනවා හරි දෙයක් උනගමන් හරි  කියන්න ඕන දේ මොනවාද කියලා හිතාගන්න බැරිවෙනකොට අපෙ නුන්නා කරන්නා වගේ මාත් මගෙ අත එහා මෙහා කර කර තනියෙන් මුමුනන්න ගත්තා...

මාව වැදගත් කියන්නෙ.....මේක තමයි  🤌
සමාගමක් පටන් ගන්න ඕනා කියන්නෙ මේක තමයි....🤌

❄️❄️☃️ WAYFARER ❄️❄️(slw Update )Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ