හතලිස් හත්වන හිමිවීම 💙

1K 177 94
                                    

A/N : කතාවට කලින් මේක ටිකක් කියවලා යන්න දරුවනේ..... ඊයේ මගේ හිත නොසෑහෙන්න රිදුණා යම් සිද්ධියක් නිසා.....

යම් තැනක මම පෝස්ට් එකක් දැක්කා බොහොම දරුණු විදියේ විවේචනයක්...... කතාවක අප්ඩේට් සම්බන්ධයෙන් සහ ඕතර් නෝට්ස් සම්බන්ධයෙන්.....

ඇත්තටම මට දුක හිතුන කාරණේ ඒ පෝස්ට් එකටත් වඩා ඒකට කමෙන්ට් කරලා තිබුණ බහුතරයක් කියවන ළමයි ඒ කියලා තිබුණ කාරණයට සීයට දාහක එකඟතාවයක් පළ කරල තිබුණා.....

එතන තමයි පොයින්ට් එක..... මම මේක ගැන මම දකින විදියට මෙතන ලියන්නේ..... ඔයාලාත් සමහර විට  ඒ කමෙන්ට් කරපු අය ගොඩේ ඉන්නව නම් ඇත්තටම ඒ ගැන මට දැණුන විදිය ලියන්න.....

1. මේක ඇතුළේ කතා ලියන කාටවත් සත පහක දෙයක් ලැබෙන්නේ නෑ..... ඒක ඔයාලත් දන්නවනේ..... ලියන ඕනම කෙනෙක්ට ලැබෙන එකම දේ ඔයාලගෙන් එන වෝට් එකක්.... කමෙන්ට් එකක් කියවලා ලැබෙන මානසික සතුට විතරයි.......

කියවන කෙනාට විනාඩි පහකින් දහයකින් එක චැප්ටර් එකක් කියවලා ඉවර කරන්න පුළුවන් උනාට ලියන කෙනා ඒ වෙනුවෙන් සමහර විට මුළු දවසම කැප කරනවා ඇති.....

උදාහරණෙකට මම මේ කතාවේ ලියලා තියෙන සනුත් වැඩ කරන බැංකුව ඒක ඇත්තටම බොරැල්ල බා'න්ස් රෝඩ් එකේ තියෙන්නේ..... මම ජීවිතේට ඇස් දෙකෙන් දැකලා නැතුව ගූගල් මැප් එක දාගෙන අඟලෙන් අඟල බලලා 360 වීව් දාලා වට පිටාවේ තියෙන දේවල් බලලා..... තමයි මම ලියන්නේ..... හේතුව මට ලියන්නම් වාලේ නෙවේ කොලිටි ප්‍රොඩක්ට් එකක් ඔයාලට දෙන්න ඕන කියන අදහස ඔලුවේ තියාගෙනයි මම මගේ උපරිමේ කරන්නේ.....

ඒ වගේ මම දන්න තරමින් ගොඩක් අය එහෙමයි..... ගොඩක් අය තමන් ලියන වචනයක් පාසා හරී පරිස්සමට හොයලා බලලා ලියන්නේ..... ඒක නිසයි එයාලා අතින් මාස්ට'පීස් එකක් පබ්ලිශ් වෙන්නේ......

ඉතින් සමහර වෙලාවට ඒවට කාලය ගත වෙනවා වැඩී..... අනික මම ලියන්නේ වචන දෙදාහක් වෙන්න පුළුවන්.... නමුත් තව කෙනෙක් වචන 5000ක් හයදාහක් ලියනවා ..... එතකොට එයාට කාලය අපි දෙන්න ඕන නේද....

මොකද සමහරවිට ඒ ලියන කෙනා ඉගෙන ගන්න ගමන් ලියනවා වෙන්න පුළුවන්.... ජොබ් එකක් කරන ගමන් ලියනවා වෙන්න පුළුවන්......

හිමි අහිමි 💙 Completed ✔Where stories live. Discover now