- පෙරවදන -

151 11 0
                                    

"දන්නවද නෙවාන්,ඔයාගේ සුවද හරියට ගිම්හාන පලතුරු වලයි චොකලට් වලයි මික්ස් එකක් වගේ.හරි ඉක්මනට මත් වෙනවා...ඒකට පුලුවන් වුනා මාව ඔයාගේ කකුල් දෙක ලගටම ගෙන්නන්න.ඉතින් ,තාමත් ඔයාට මාව දැනෙන්නේ නැද්ද? ම්ම්ම්?මම ඔයා දැන් ඉන්නවටත් වඩා සතුටින් ඔයාව තියන්නම්..." විධාර් හරි හිමීට නෙවාන්ගෙ කන් පෙත්තට ලං වෙලා මිමිණුවා......

ඉතින් මේක, නිතරම හූඩි එකකින් මූණ හංගගෙන ඉන්න,කොළ පාට ඇස් දෙකක් තියන,අලි පැටියෙක් තරම්ම දඩබ්බර,ඇටයක් බදාගෙන ඉන්න ලේනා වගේ විහිලුකාර ඒත් මල් පෙත්තක් තරම්ම මෘදු හදවතක් තියන වෘක කොලුහාදයෙක් ගැන කතාවක්.

නෙවාන් අගස්ත්‍ය සූරියආරච්චි  මිඩෝරාවල රාජකීය කණ්ඩායමේ මුර සෙබළෙක් වෙන්න සම්බන්ධ වුනේ ඒක පුංචි කාලේ ඉදන්ම එයාගේ හිතේ තිබුන හරි ලස්සන හීනයක් නිසා.හැබැයි ඉතින් ඔය කොතනත් මොකාක් හරි හුටපටයක් තීනෝනේ.මෙතනත් එහෙම තමා ඉතින්.මෙතන හිටපු වෘක ආරක්ෂකයො අතර දීප්තිමත් කොළ පාට ඇස් තිබුණ එකම කෙනා එයා නිසා හැමෝගෙම අවධානේ ටිකක් විතර වැඩිපුර එයාට ලැබුනා.ඒ වගේම හූඩි එකට හැංගිලා තිබුන එයාගේ මූණ දකින්න හැම කෙනාටම ලොකු උවමනාවක් තිබ්බා කියලනන් මට ඉර හද තරම්ම විශ්වාසයි.

ඒ වගේම නෙවාන් හිතන්නවත් අකමැති අනෙක් කාරණාව තමයි එයාගේ සහකරුව හොයාගන්න එක.ඒ කියන්නේ mate කෙනෙක්...හදිස්සියෙවත් ඒ කෙනා හුගක් බලවත් කෙනෙක් වුනොත්...

ඒ වෙලාවට ඉතින් අපේ කොළ ඇස් හාදයා කරන එකම දේ හැංගෙන එක තමා.එයාගේ මේට් ට එයාව හොයාගන්න බැරි වෙන්නම හැංගෙන එක.
ඇත්තටම සද දෙවියෝ එයා වෙනුවෙන් මොකද්ද කරන්න යන්නේ?
කොළ ඇස් හාදයගේ මේට් ට එයාව හොයාගන්න පුලුවන් වෙයිද?
හැමදේම අවසානයේදී තවදුරටත් මූණ හංගන්නේ නැතුව එයාට සමාජෙට යන්න පුලුවන් වෙයිද?

Let's see my little stars....

***************

"ඔයාට මාව දැනුනද නෙවාන්??"

විධාර් මගෙන් එහෙම ඇහුවා වගේම මට හොදටම දැනුනා එයාගෙ අදුරු ප්‍රභාව මාව වටකරගෙන අපි වටේටම විහිදිලා තියනවා කියලා.මට ඒ බලය හුගක් තදින් දැනුනා වුනත් මට එයා ගැන කිසිම හැගීමක් නෑ කියලා පෙන්නන්න ඕන වුණු නිසා එයාගෙ දිළිසෙන රතුපාට ඇස් දිහා මගේ කොළ පාට ඇස් වලින් කිසිම වෙනසක් නොපෙන්වා බලාගෙන හිටියා.

"කොහෙත්ම නැහ්"

මම බොහොම සංසුන්ව කියලා දැම්මා.

"ඔයාට හොදටම විශ්වාසද අගස්ත්‍ය ??එතකොට මං මෙහෙම කරනකොට ඔයාට මොකද හිතෙන්නේ?? ම්ම්ම්..."

විධාර් තව තවත් මගේ ළගට එනගමන් ඇහුවා........

************

___________________________________

මේක ඇත්තටම මගේ පළවෙනි කතාව.ඉතින් වැරදි අඩුපාඩු තියෙන්න පුලුවන්.ඒත් මම පුලුවන් උපරිම හොදින් ලියන්නම්.

මේක සම්පූර්ණ මනඃකල්පිත කතාවක් වගේම මේක සාමාන්‍යයෙන් ඔයාලා කියවන කතා වලට වඩා ටිකක් වෙනස් විදියට යන කතාවක්..

පලවෙනි chapters දෙකේ යන්නේ මෙයාගෙ සාමන්‍ය ජීවිතේ ගැන.ඊට පස්සෙ තමා ඉතින් තොවිලේ පටන්ගන්නේ.ඒක නිසා දිගටම කතාව එක්ක ඉන්න.

ඔයාගෙ අදහසුත් comment section එකේ දාන්න...

Chapter 1 න් හම්බෙමු....

🦋මන්දාකිණී🦋

- කොළ පාට ඇස් - (Onhold)Where stories live. Discover now