පනස්වන හිමිවීම 💙

949 124 43
                                    

පෙර කොටසින්......

සුපුරුදු විදියටම සවින්ද මුණ ගැහෙන්න යන්න ගියපු මිතුනිට සවින්දගේ ගෙස්ට් හවුස් එකේ ඉදිරිපස නතර කරපු වාහනයෙන් බිමට බහින්නවත් ඉඩක් නොතබාම.... උදරයේ කැලතුනු ගුලිය ඔක්කාර කරවමින් එලියට පැන්නා .......

බ්වෑක්....... බ්වෑක්...... ඕක්.... බ්වෑක්.....

එතැන් සිට......

"බේබි ඩෝල්...... ආ යූ ඕකේ???"

ගෙස්ට් හවුස් එකේ පෝටිකෝවට වෙලා මිතුනි එන පෙර මඟ බලාගෙන උන්න සවින්ද දුවගෙන ඇවිත් ඔක්කාර කරන මිතුනිට වාරුවක් වෙමින් එහෙම ඇහුවා......

ආහාර අරුචිය නිසාම දින ගණනකින් හරි  හමන් කෑමක් බීමක් නැතිව හිටපු මිතුනි හරිම දුර්වල විදියට සනුත්ට වත්තම් වෙමින් හිස දෙපැත්තට වැනුවේ තමන් හොඳින් නෙවේ කියන්න වගේ.......

"I..... I Fee....l So..... Si...ck.... "

"අහ්.... ඇයි මේ එක පාරටම...... යමුකෝ ඉස්සෙල්ලාම ඇතුළට..... Can You Walk Alone??? ඔයාට තනියම යන්න පුළුවන් ද බේබි ඩෝල්????"

සවින්ද එහෙම අහද්දි මිතුනි මලානික බැල්මක් එක්ක ඔලුව උස්සලා සවින්ද දිහා බැලුවා......

ඇත්තටම මට ඕන මොනවද????

එක මොහොතකට මිතුනි නැවතිලා කල්පනා කරන්න ගත්තා...... මේ වගේ දෙයක් සිද්ධ වුණා නම් සවින්ද මේ දක්වන සැලකිල්ලෙන් දහයෙන් පංගුවක්වත් මහිත්ගෙන් ලැබේවිද. .....

නිරායාසයෙන්ම මිතුනිගේ ඇස් බොඳ වුණා......

තමන් ගැනම උපන් ආත්මානුකම්පාවෙන් වගේම සවින්දගෙන් මේ ලැබුණු කාරුණික සැලකිල්ල හමුවේ මිතුනිගේ කළු ගලක් වගෙ හදවත දිය වෙලා ගිහින් ඇස් වලින් කඳුළක් කඩාගෙන වැටුණා.....

"ඇයි මේ මිතූ.... ඔයාට අමාරුයි නේද.... Gimme a Second..... මට තප්පරයක් දෙන්න බේබි ඩෝල්... මම වොලට් එක අරන් එන්නම්....."

මිතුනිගේ ඇස් වලින් වැටුණු කඳුළු වලට සවින්ද කලබල වෙලා මෙච්චර වෙලා වත්තම් කරගෙන හිටපු මිතුනිව ඩ්‍රයිවින් සීට් එකේ පරිස්සමට තියලා ආයෙම ගෙස්ට් හවුස් එකට දිව්වේ මුදල් පසුම්බියත් දුරකතනයත් අරගෙන එන්න......

හිමි අහිමි 💙 Completed ✔Where stories live. Discover now